‘ රජය අඬබෙර ගැහුවත් පෝර මිලේ වෙනසක් නෑ‘ මෙවර යල් කන්නයේ වී වගාකරන ගොවීන්ට යූරියා සහ එම්ඕපී (මඩ පොහොර) අඩුමිලට දෙන බවට රජය පැවසුව ද රත්නපුර දිස්ත්රික්කයේ ගොවිජනසේවා මධ්යස්ථාන වල පොහොරවල මිල අඩුවක් නැති බව ගොවීහු කියති. 11 May 2023
කෝපි කාලේ ඉඩම් පනත් වහා සංශෝධනයට කාලීන සංවර්ධන අවශ්යතාවයන්ට ගැලපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 11 May 2023
ගව හොරුන්ට වෙඩි අයෙක් මරුට ඇඹිලිපිටිය ප්රදේශයෙන් සොරාගත් මී ගවයන් පටවා ගෙන පැමිණි ලොරි රථයකට අද (11) අලුයම ඇඹිලිපිටිය තෝරකොලයායේ දී එල්ල වූ වෙඩි ප්රහාරයකින් ගව සොරකමේ ගිය එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි . 11 May 2023
‘ආසියාවේ සමගියට බාධාවන කිසිවක් ලංකාවේ කරන්නේ නෑ‘ ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 11 May 2023
එක්ස්ප්රස් පර්ල් නඩුව ගැන ආණ්ඩුවට විශ්වාස නෑ එක්ස්ප්රස් පර්ල් නඩුව ගැන ආණ්ඩුවට කිසිම විශ්වාසයක් නැතැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය . 11 May 2023
සිසුවියන් 16 කට අතවර කළ බව කියන ගුරා අල්ලයි පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අද(11) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කියයි . 11 May 2023
දඹුල්ලෙන් කසල තේ කිලෝ 7000ක් අල්ලයි දඹුල්ල පන්නම්පිටිය ප්රදේශයේ හාල් මෝලක් තුළ සඟවා තිබූ කසල තේ කිලෝ 7000කට අධික ප්රමණායක් සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි. 11 May 2023
තැනින් තැනට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 11 May 2023
කඩුවෙල හිටපු නියෝජ්ය නගරාධිපති අත් අඩංගුවට අරගලයේ ක්රියාකාරී සාමාජිකයෙකු වන ප්රියත් නිකේෂල නැමැත්තාට තලංගම කොස්වත්ත ප්රදේශයේ දී පහර දී ඔහුගේ රථයට හානි කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්ය නගරාධිපති චන්දික අබේරත්න අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 10 May 2023
දැරියකට කාමරයක් දුන් ලැගුම්හල් හිමියා රිමාන්ඩ් බාලවයස්කාර දැරියකට ඇයගේ පෙම්වතා සමඟ රැයක් ගත කිරීම සඳහා හෝටල් කාමරයක් ලබාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උස්වැටකෙයියාව ප්රදේශයේ ලැගුම්හලක කළමනාකරුවකු සහ බාලවයස්කාර දැරියගේ පෙම්වතා ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහේස්ත්රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (10) නියම කළේය. 10 May 2023
අයි.එම්.එෆ් නියෝජිතයෝ පිරිසක් හෙට දිවයිනට ජාත්යන්තර මූල්ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් හෙට (11) මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ. මෙම නියෝජිත කණ්ඩායම ලබන 23 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය. 10 May 2023
වසර අටේ පොලිස් නීතිය හමස් පෙට්ටියේ උප පොලිස් පරීක්ෂක තනතුරට 2013දී බඳවා ගත් පොලිස් නිලධාරීන්ට වසර දහයකට අධික කාලයක් තිස්සේ තවමත් එම තනතුරේම රාජකාරී කිරීමට සිදුව ඇතැයි පොලිස් අභ්යන්තර ආරංචි මාර්ග මගින් දැන ගන්නට තිබේ. 10 May 2023
උතුරේ වින්දිතයනට දේශපාලනය හරස් වෙලා උතුරේ පැවැති සන්නද්ධ ගැටුම් හේතුවෙන් වින්දිතයන් වූ පුද්ගලයනට යුක්තිය ඉටු කිරීමට ඇති විශාලතම බාධකය වී ඇත්තේ ඊට දේශපාලන කැපවීමක් නොමැති බව යැයි දීප ව්යාප්තව සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇත. 10 May 2023
බැලුම්මහර 13 හැවිරිදි දැරියක් අතුරුදහන් බැලුම්මහර ප්රදේශයේ පදිංචි 13න් හැවිරිදි දැරියක් නිවසින් අතුරුදහන්ව ඇතැයි ඇගේ පියා යක්කල පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය සදහන් කරයි. 10 May 2023
වෘත්තීය පුහුණුවේ වැඩ කෝප් කමිටුව පට්ට ගහයි වෘත්තීය පුහුණු අධිකාරියේ රේඛීය අමාත්යංශය වන අධ්යාපන අමාත්යංශය එම අධිකාරියේ කටයුතු නිසි ලෙස නිරීක්ෂණය කර නැතැයි කෝප් සභාපතිවරයා චෝදනා කළේය. 10 May 2023
අයි.සී.සී. උප සභාපති කවාජා සාගල හමුවෙයි ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙරටට පැමිණි අන්තර්ජාතික ක්රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා අද (10) ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් සහ ජනාධිපති කාර්ය සහ ජේෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා හමුවිය. 10 May 2023
ඉම්රාන් ඛාන් දින අටක් රඳවා ගන්න අවසර පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක රඳවා තබා ගෙන ප්රශ්න කිරීමට එරට අධිකරණය අද අවසර ලබාදුන්නේය. 10 May 2023
මුහුණු පොතේ දරුවන්ට කැත වැඩක් කළ ලිපිකරුවෙක් මාට්ටු ව්යාජ ෆේස්බුක් ගිනුමක් නිර්මාණය කර කුඩා දැරියන්ගේ ඡායාරූප අවභාවිතා කර හිංසනයට ලක් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ,පරිගණක අපරාධ කොට්ඨාසය, සමාජ මාධ්ය අපරාධ විමර්ශන අංශය කියයි. 10 May 2023
බස් - බවුසර් ගැටී තුනක් රෝහලට කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ පස්යාල රදාවඩුන්න ප්රදේශයේ බවුසර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් බස් රථයේ ගමන් ගත් තිදෙනකු තුවාල ලබා වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නිට්ටඹුව පොලිස් රථවාහන අංශය කියයි. 10 May 2023
රෝග ලක්ෂණ සමාන උණ වර්ග තුනක් රටපුර මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්යවරු පවසති. ඩෙංගු,ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ඉතා සීග්රයෙන් පැතිර යන බවත් මෙවායේ රෝග ලක්ෂණ සමාන බව ද වෛද්යවරු කියති. 10 May 2023
දුඹුරු සීනි සිද්ධියේ වන්දි ගෙවා අවසන් දුඹුරු සීනි මෙට්රික්ටොන් 607.5 ක් නීති විරෝධීව ආනයනය කළ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. 10 May 2023
විදේශ අමාත්යාංශයේ කොන්සුලර් අංශ පරිගණක පද්ධතිය බිඳවැටේ විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සුලර් අංශයේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් ලේඛන සත්යාපන කටයුතුවලට බාධා පැමිණ ඇති බව එම අමාත්යාංශය කියයි. 10 May 2023
දුම්රිය ගමන්වාර 40 ක් අවලංගු කරයි දුම්රිය ස්ථානාධිපති සංගමය ක්රියාත්මක කළ එක්දින වැඩවර්ජනය හේතුවෙන් දුරගමන් සේවා දුම්රිය ගමන් වාර 11 ක් ඇතුළුව ගමන් වාර 40 කට ආසන්න සංඛ්යාවක් අද (10) දිනයේ අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 May 2023
දේශීය ආදායම් පනත බලාත්මක වේ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායකවරයා සිය සහතිකය සටහන් කළේය. 10 May 2023
මේසන් බාස්ගේ අනියම් බිරියල ගේ බෙල්ල කැපූ බිරිය රිමාන්ඩ් මීගොඩ වටරැක ගම්මාන පාර ප්රදේශයේ දී කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද දින නියෝග කළාය. 10 May 2023
ප්රාදේශීය රෝහල් රැසක් වැසීයෑමේ අවදානමක රජයේ රෝහල්වල සේවය කරන ලියාපදිංචි වෛද්යවරු 350 කට ආසන්න සංඛ්යාවක් ලබන ජූනි මස එකවර විශ්රාම යෑම හේතුවෙන් ග්රාමීය රෝහල් රැසක් වැසී යෑමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්ය අමාත්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 May 2023
විත්තියේ විරෝධය නොතකා ජොන්ස්ටන්ගේ නඩුව අහයි වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුළු තිදෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මතුකළ මුලික විරෝධතාවය ප්රතික්ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නඩුව විභාග කිරීමට අද (10) තීරණය කළේය. 10 May 2023
වන්දි සීමා ගිවිසුම් අත්සන් කළ රටක ගිහින් නඩු දැම්මේ ඇයි? සමුද්ර හානියක වන්දි ඉල්ලීමේදී සීමා පැනවීමෙි ගිවිසුමකට අත්සන් කරන ලද රටක එක්ස්ප්රස් පර්ල් හානියේ වන්දි ඉල්ලමින් නඩු පැවරූයේ ඇයි දැයි තමාට හිතා ගන්නට බැරි බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 May 2023
‘පරිසර ඝාතකයන් වාහා හෙළි කරනු’ ‘එක්ස්ප්රස් පර්ල්’ නෞකාවේ සිද්ධියෙන් වූ හානියට ශ්රී ලංකාවේදී නඩු පවරන ලෙස සහ පරිසර ඝාතකයින් හෙළි කරන ලෙස ඉල්ලමින් එස්.වයි.යූ, පරිසර සහ සිවිල් සංවිධාන පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග අසළදී අද (10) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය. 10 May 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026