සිසුවියන්ට චොකලට් දෙන්න ගිය තරුණයෝ දෙකක් දැලේ තලේමන්නාරම පනන්කට්ටු බටහිර ප්රදේශයේ දී වෑන් රථයකින් ගොස් පාසල් සිසුවියන් තිදෙනකුට චොකලට් ලබා දීමට උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු අද (11) පස්වරුවේ තලේමන්නාරම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි. 11 May 2023
හකුරු ගේන්න ගිහින් රෝද තුනේ රියැදුරාගේ බෙල්ල කපලා කුරුවිට තෙප්පනාවේ සිට එරත්න විතාරම්පංගුවට කිතුල් හකුරු ගෙන ඒමට කුලී ගමනක් යන මුවාවෙන් ත්රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු එරත්නේ දී ත්රිරෝද රථ රියදුරුගේ ගෙල තියුණු ආයුධයකින් කපා මරා දමා ඇතැයි කුරුවිට පොලීසිය කියයි. 11 May 2023
ත්රීරෝද රථ විදුලි බලයට පරිවර්තනය අරඹයි විදුලි බලය භාවිතා කරන ප්රවාහන මාධ්යයන් හඳුන්වාදීමේ ව්යාපෘති යටතේ ත්රීරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීමේ නියමු ව්යාපෘතිය අද (11) ආරම්භ කළේය. 11 May 2023
මන්නාරම ගෝනි බිල්ලෝ කතාව ගෙතුමක්? මන්නාරම ප්රදේශයේ පාසල් සිසුන් තිදෙනකු කිසියම් පිරිසක් පැහැර ගැනීමට තැත් කළ බවට පොලිසිය ට කළ පැමිණිලි සාවද්ය පැමිණිල්ලි බවත්, ඒ බව තහවුරු වන කිසිදු තොරතුරක් මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි 11 May 2023
ප්රියත් නිකේෂලට ඇප කඩුවෙල හිටපු නියෝජ්ය නගරාධිපති චන්දික අබේරත්නට යන අයට පහර දීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත තලංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගත් සමාජ මාධ්ය ක්රියාකාරියෙකු වන ප්රියත් නිකේෂල නැමැත්තා රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මාලිගාකන්ද වැඩ බලන මහේස්ත්රාත් සංජය ධනුෂ්ක මහතා නියෝග කලේය 11 May 2023
පරිසර නියමුවෝ ජනපති අතින් සම්මාන ලබති ලොව පළමු ජාත්යන්තර පරිසර විශ්වවිද්යාලය ශ්රී ලංකාවේ ස්ථාපිත කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට මධ්යස්ථානයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටවල් රැසක් සහභාගී කර ගනිමින් එම කටයුත්ත සිදු කිරීමට ශ්රී ලංකාව මුල පුරා ඇති බව ද කියා සිටියේය. 11 May 2023
කළුතර දැරියගේ පරීක්ෂණ සි.අයි.ඩීයට කළුතර නගරයේ ලැගුම්හලකි ඇද වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 11 May 2023
බ්රිතාන්ය කතගේ මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්රභයි තමා මෙරටින් පිටුවහල් කොට තම මුලික අයිතිවාසිකම් කඩ කිරීම හේතූවෙන් වන්දි ඉල්ලා බ්රිතාන්ය ජාතික කාන්තාවක ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් නිශ්ප්රභ කළ ශ්රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවකට ඇය යටත් කළාය. 11 May 2023
පාකිස්තාන හිටපු අගමැති නිදහස් කරයි ඉස්ලාමාබාද් මහාධිකරණයට පැමිණෙද්දී, අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණු පාකිස්තානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි පාකිස්තාන ශ්රේෂ්ඨාධිකරණ අද (11) නියෝග කළේය. 11 May 2023
පොලීස් රථගාලෙන් රෝද තුනක් පැන්නූ හිටපු ගුවන් භටයා රිමාන්ඩ් කොල්ලුපිටිය පොලීසියේ රථගාලේ නවතා තිබූ නඩු භාණ්ඩයක් වන ත්රිරෝද රථයක් පැහැරගෙන ගිය බව කියන හිටපු ගුවන් හමුදා සාමාජිකයකු ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (11) නියෝග කළේය. 11 May 2023
කන්ටේනර් පොලිම් දික්වෙයි වරාය පරිශ්රයේ සිට රේගු පරික්ෂා කරන ස්ථානයට පැමිණ බහලුම් රථ පරීක්ෂා කිරීමේදී සිදු කරන ප්රමාදයන් හේතුවෙන් ඉතා දිගු පෝලිම් හටගෙන ඇතැයි එක්සත් ලංකා බහාලුම් ප්රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්රකාශ කළේය. 11 May 2023
කළුතර සිසිලියන් වෝක් හෝටලයේ හිමිකරුගේ බිරිය රිමාන්ඩ් කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය ලබන මෙම 15 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්රධාන මහේස්ත්රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය නියෝග කළාය. 11 May 2023
සිසුවිය පැන්න හෝටලයේ ප්රමිතිය දැන් සොයයි පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්යයේ පිහිටි පස්මහල් හෝටලය නියමිත ප්රමිතියට ඉදිකළ එකක්දැයි සොයා නාගරික සංවර්ධන අධිකාරිය විමර්ශනයක් අරඹා තිබෙි. 11 May 2023
ණය සීමාව කෝටි ලක්ෂයකින් වැඩි කරයි භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් ගන්නා අරමුදල්( ණය) ප්රමාණය ( සීමාව) කෝටි ලක්ෂයකින් වැඩි කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට අද (12) ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. 11 May 2023
පුංචි ඡන්දයට දින නියම කර නෑ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මෙතෙක් දිනයක් නියම කර නැතැයි ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් මැතිවරණ කොමිසම මුදල් ලැබුණහොත් හෝ අධිකරණයෙන් නියෝගයක් ලැබුණහොත් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා වහාම දිනයක් නියම කරන බවද ශ්රේෂ්ඨාධිකරණයට අද (11) දැනුම් දුන්නේය. 11 May 2023
විසඳුම් නැතිනම් දීර්ඝ වර්ජනයක් තම ගැටලු වලට නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. 11 May 2023
මුදල් ගැරූ විදුහල්පතිට මාරුවක් පාසලට සිසුන් අතුළත් කිරීමේදී රුපියල් ලක්ෂ 76ක පමණ මූල්ය අක්රමිකතාවක් සිදු කර ඇතැයි කියන කොළඹ ප්රධාන පාසලක විදුහල්පතිවරයකු එම පාසලෙන් ඉවත් කර කොළඹ අධ්යාපන කලාපයේම අතිරේක අධ්යක්ෂවරයකු ලෙස අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ. 11 May 2023
කඩුවෙල හිටපු උප නගරාධිපතිට අධිකරණය දුන් නියෝගය සමාජ මාධ්ය ක්රියාකාරියකු සහ අරගලයේ මුල් පෙලේ සාමාජිකයකු වන ප්රියත් නිකේෂල නැමැත්තාට පහරදීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්ය නගරාධිපති චන්දික අබේරත්න පහරදුන් බව කියන චන්දික අබේරත්න සහ ප්රියත් නිකේෂල පහර දුන් බවට වන පැමිණිලි සම්බන්ධයෙන් තලංගම පොලිසිය අධිකරණයට කරුණ වාර්තා කිරීමෙන් පසු රෝහල් ගතව සිටින එම සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කර බලා ලබන 17 වන දින අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙස කොළඹ අධිකරණය වෛද්ය නිළධාරී වෙත කඩුවෙල මහේස්ත්රාත් චාණිමා විජ 11 May 2023
රුවන් ,සාරා හල්ටන් සමඟ වට මෙිස සාකච්ඡාවක පුනර්ජනනීය බලශක්තිය සහ පරිසරය පිළිබඳ වට මේස සාකච්ඡාවක් ශ්රී ලංකාවෙි බ්රිතාන්ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මියගේ මූලිකත්වයෙන් කොළඹදී පැවැත්විණි. 11 May 2023
කළුතර දැරියගේ සිද්ධියට ලැගුම්හල් හිමිකරුගේ බිරිය අල්ලයි කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී 16 හැව්රිදි ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව අද පස්වරුවේ එම ලැගුම්හලේ හිමිකරුගේ බිරිය අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි . 11 May 2023
ජලභිතිකාව වළක්වන්න රටපුරා වැඩසටහන් ශ්රී ලංකා පශු වෛද්ය සංගමය මගින් ලෝක පශු වෛද්ය දිනයට සමගාමීව සුනඛ වන්ධ්යාකරණය සහ ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් රැසක් රටපුරා ක්රියාත්මක කළ බව එම සංගමයේ සභාපති ආචාර්ය වෛද්ය ඩිලාන් අමිල සතරසිංහ මහතා පැවසීය. 11 May 2023
‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා‘ ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ දී රටේ ඇතිවී තිබෙන අර්බුද දේශපාලකයින්ගේ බිස්නස් එකක් බවට පත්ව ඇතැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 11 May 2023
වැස්ස ගැන රතු නිවේදනයක් නිකුත් කරයි බස්නාහිර,සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඉදිරි පැය 24 තුර තද වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 11 May 2023
එළවලු-මාළු මිල ඉහළට වෙළඳපොලේ එළවලු සහ මාලු මිල ගණන් මේ වනවිට සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 11 May 2023
සිගරට් කන්ටේනරයක් අත්අඩංගුවට ශ්රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය සහ ආනයන භාණ්ඩ පරීක්ෂණ අංශය සිගරැට් අඩංගු බහාලුමක් අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි. 11 May 2023
සැප වාහන 5 ක් රේගුවේ හිරවෙයි මෝටර් රථ අමතර කොටස් යැයි ශ්රී ලංකා රේගුවට ප්රකාශ කරමින් ජපානයේ සිට නීති විරෝධීව ආනයනය කළ මිට්සුබිෂී ජීප් රථ හතරක් සහ සුබාරු වර්ගයේ කාර් රථයක් භාරයට ගත් බව ශ්රී ලංකා රේගුවේ උසස් නිලධාරියකු පැවැසීය. 11 May 2023
කුරුූණෑගල රෝහල හදිසියේ ලෙඩවෙති කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා හා මාතෘ ඒකකයේ වෛද්යවරයකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රෝහලේ සමස්ථ වෛද්ය කාර්ය මණ්ඩලයම අද ( 11) සිය සේවා වලින් ඉවත් වූහ. 11 May 2023
ගම්පොළ තරුණියක් දින පහක් තිස්සේ අතුරුදහන් සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්ව මීටර 100 ගිය තරුණියක දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇතැයි ගම්පොල පොලිසය පවසයි. 11 May 2023
හිටපු සේවකයා වාට්ටුවෙන් බෙහෙත් උස්සලා මහනුවර ජාතික රෝහලේ පිළිකා ප්රතිකාර වාට්ටුවේ තිබී පිළිකා රෝගීන්ට ලබාදෙන මිල අධික ඖෂධ පෙති තොගයක් සහ එන්නත් වීදුරු ටියුබ් සොරකම් කළ වැඩ තහනමට ලක් වූ සේවකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 11 May 2023
රසායනික ප්රහාරයකට මුහුණ දෙන්න පෙරහුරුවක් රසායනික, න්යෂ්ටික සහ පුපුරන ද්රව්ය ප්රහාරයකදී ක්රියා කළ යුතු ආකාරය පිළිබඳව පුහුණු අභ්යාසයක් ශ්රී ලංකා ගුවන් හමුදාව සහ කොළඹ ජාතික රෝහල එක්ව ජාතික රෝහල් පරිශ්රයේදී අද (11) පැවැත්වීය. 11 May 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026