හොර බෙහෙත් ගබඩාවක් මෝදරින් අල්ලයි කොළඹ 15, මෝදර ප්රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරුගේ නිවසේ තිබූ ඖෂධ තොගයක් සහ මත්ද්රව්ය නිෂ්පාදනය සඳහා යොදා ගත් බවට සැක කරන අමුද්රව්ය තොගයක් අත්අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර සහ ඖෂධ අංශය පවසයි. 25 April 2023
සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 25 April 2023
උතුරේ හර්තාල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත ප්රතිත්රස්ත පනත වහාම අහෝසි කරන ලෙසට ඉල්ලීම් කරමින් හා එම පනතට විරෝධය පලකරමින් කඩසාප්පු වසාදමා අද (25) උතුරු පළාත තුළ හර්තාලයක් ක්රියාත්මක විය. 25 April 2023
රිය අනතුරින් දෙදරු මව මරුට යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් ගාලුපාරේ අම්බලන්ගොඩ නගරයේදී අද(25) උදෑසන සිදු වූ රිය අනතුරකින් සිය දරුවා සමඟ යතුරුපැදියේ ගමන් ගත් මව මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 25 April 2023
තැනින් තැනට අදත් සවස වැසි සබරගමුව,මධ්යම,උතුරු-මැද,ඌව සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය සහ මුලතිව් දිස්ත්රික්කවලත් සවස් කාලයේ හෝ රාත්රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 25 April 2023
කෝටි 8 ක කුෂ් මත්ද්රව්ය රේගුව අල්ලයි රුපියල් කෝටි 8 කට අධික වටිනාකමින් යුත් කැනඩාවේ සිට එවූ කුෂ් මත්ද්රව්ය කිලෝ 12 ක පමණ තොගයක් පෑලියගොඩ පිහිටි කාගෝ ආයතනයකදී අත්අඩංගුවට ගත් බව ශ්රී ලංකා රේගුව පැවසීය. 25 April 2023
කොටි වළ දැමූ රන් සෙවූ හතක් මාට්ටු මුලතිව් පුදුකුඩිඉරිප්පු ආනන්දපුරම් ප්රදේශයේදී කොටි ත්රස්තවාදීන් යුද සමයේ වළ දැමූ බව කියන රන් ආභරණ සෙවූ බව කියන පුද්ගලයන් 07 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 25 April 2023
සුමාත්රාවේ ප්රබල භූ කම්පනයක් ඉන්දුනීසියාවේ සුමාත්රා දූපතට බටහිරින් රික්ටර් මාපකයේ ඒකක 7.3ක අගයක් ගත් භූමි කම්පාවක් හටගෙන තිබේ. 25 April 2023
රටේ සම්පත් අනතුරේ මහ බැංකුවෙන් නැතිවුණා කියන මුදල් පොළවේ මහල් තුනක් යට නවීණ තාක්ෂණය උපරිමයෙන්ම ඇති අධි ආක්ෂිත ගබඩාවක තිබූ ඒවා බවත් එම හොරකම සඳහා අදාල ගබඩාවට කිසිඳු පිටස්තර පුද්ගලයෙක්ට ඇතුල්විය නොහැකි බව සක්සුදක් සේ පැහැදිළි බවත් පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 25 April 2023
රජ මැදුර - ලේකම් කාර්යාලය අගනුවරට කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු වී ඇතැයි අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 25 April 2023
ගබඩාවල බෙහෙත් වර්ග 119ක් හිඟයි සෞඛ්ය අමාත්යංශයේ වෛද්ය සැපයුම් අංශයේ ගබඩාවල මේ වන විට අත්යවශ්ය ඖෂධවර්ග 119ක හිඟයක් පවතින අතර එය ඉකුත් මාසවල පැවැති ඖෂධ හිඟයට සාපෙක්ෂව යහපත් තත්වයකැයි සෞඛ්ය අමාත්යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා පවසයි. 24 April 2023
රාමඤ්ඤ නිකායේ උපසම්පදා මහෝත්සවය රාජ්ය අනුග්රහයෙන් ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය සඳහා පූර්ණ රාජ්ය අනුග්රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 24 April 2023
හබරණ කුඹුරට බැස්ස තානාපතිනිය ගොවින්ගේ ගැටලු හදුනාගෙන ඉදිරියේදි එම ගැටලු සම්බන්ධයෙන් ග්රිලංකා රජය සමග සාකච්ඡා කර නියමිත වෙලාවට විසදුම් ලබා දීමට බලාපොරොත්තුවන බව ඇමරිකානු තානාපතිණි ජූලී ජේ චන්ග් මහත්මිය පැවසුවාය. 24 April 2023
දේශබන්දුගේ සිද්ධියට අයි.ජී.පී - සී.අයි.ඩී ලොක්කාට නොසීති ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සැකකරුවකු ලෙස නම් නොකිරීමට අදාළව කරුණු විමසීම සඳහා ලබන මැයි මස 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට අද (24) නොතීසි නිකුත් කළේය. 24 April 2023
ශාෆ්ටර්ගේ මරණයට බ්රයන්ගේ ජාන බලයි ජනශක්ති රක්ෂණ සමූහ ව්යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව ප්රවීණ ඉංග්රීසි ක්රිකට් විචාරක බ්රයන් තෝමස් මහතාගේ ඩී එන් ඒ වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් රජීන්ද්රා ජයසූරිය මහත්මිය රජයේ රස පරීක්ෂකවරයාට අද (24) නියෝග කළාය. 24 April 2023
බදු ආදායම එකට එකක් වැඩි වෙයි මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 31661ක බදු මුදලක් රැස්කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. 24 April 2023
ලොව විශාලම රයිනෝසරස් ගොවිපොළ වෙන්දේසියට? දකුණු අප්රිකාවේ පිහිටි ලොව විශාලතම රයිනෝසරස් සත්ව ගොවිපොළ වෙන්දේසි කිරීමට එහි අයිතිකරු තීරණය කර ඇත. මෙම ගොවිපොළේ රයිනෝසරස් සතුන් 2000ක් ජීවත් වන අතර අක්කර 20000ක් පුරා පැතිර තිබේ. 24 April 2023
මව්බිම රනින් හැඩ කළ තෙහස් දිවයිනට අවුරුදු නවයෙන් පහල ලෝක චෙස් ශූරතාව දිනූ කොළඹ ආනන්ද විද්යාලයේ තෙහස් කිරින්ඩො සිසුවා අද සිය රන්පදක්කමද රැගෙන දිවයිනට පැමිණියේය. 24 April 2023
විදේශිකයන්ගේ පහසුවට ගුවන්තොටේ වෙනම කවුන්ටරයක් විදේශීය සංචාරකයන් සඳහා විශේෂ පහසුකම් සැලසීමට කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේ විශේෂ කවුන්ටරයක් අද (24) සවස සිට විවෘත බව ජනාධිපති කාර්යාලය පවසයි. 24 April 2023
ශ්රී ලංකන් සමාගමට අමාත්යවරයාගෙන් දැඩි අවවාද ශ්රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානා දෙකක් කාර්මික දෝෂයන්ට ලක්වීම පිළිබද පරීක්ෂණ දෙක කඩිනමින් නිම කර පරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ඉදිරියට මෙවැනි තත්වයන් නොවීමට කටයුතු කරන ලෙස වරාය නාවික හා ගුවන්සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (24) උපදෙස් දුන්නේය. 24 April 2023
‘‘ඇති තරම් වතුරු පානය කරන්න‘‘ මේ දිනවල පවතින අධික උණුසුමෙන් ඇතිවිය හැකි විජලනයෙන් මිදීම සඳහා සෑම පැය භාගයකට වරක්ම ජලය මිලිලීටර් 200ක් පමණවත් පානය කළ යුතු යැයි කොළඹ සෞඛ්ය ප්රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි. 24 April 2023
ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ට ජනපතිගෙන් දැනුම්දීමක් අයි.එම්.එෆ් විවාදයට දිගටම සහභාගි වන්නැයි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ට දැනුම්දී ඇත. 24 April 2023
මරදානට ලයිට් නෑ ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ මරදාන උප පොළේ විදුලි රැහැනක දෝෂයක් හේතුවෙන් එම ප්රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බවත් එය යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (24) පස්වරුවේ පැවසීය. 24 April 2023
ජනපති අතින් අවුරුදු කුමරියන්ට තෑගි මැද කොළඹ, සුදුවැල්ල බක්මහ උළෙල සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද සහභාගී විය. සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්රධාන සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතා වාර්ෂිකව මෙම බක් මහ උළෙල සංවිධාන කරයි. 24 April 2023
පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා පැවසීය. 24 April 2023
කටකතාවක් සෞඛ්ය නිලධාරීන්ට පීඩා කරයි නව සෞඛ්ය අමාත්යවරයකු පත්වන බවට විටින් විට පැතිර යන ආරංචි හේතුවෙන් සෞඛ්ය අමාත්යාංශයේ කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 24 April 2023
’’අපේ මහ සභාව නීත්යානුකූලයි’’ ශ්රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා පැවැති මහ සභාව අදාල සියලුම පාර්ශව නියමිත පරිදි දැනුවත් කර ඉතාම නීත්යානුකූලව සහ විනිවිදභාවයෙන් යුක්තව පැවැත්වූ බවත් එම රැස්වීමට හිටපු සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ද ආරාධනා කළ බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (24) පැවසීය. 24 April 2023
රට බංකොළොත් වුණත් සාක්කු පිරෙනවා පීඩනයකින් තොරව ජාත්යන්තර මූල්ය අරමුදල දුන් මුදලට වඩා මුදල් ගැනීමට හැකියාව තිබියදී රජය ඒ සඳහා කටයුතු නොකළ බවත් ජනතාව වින්දිතයන් බවට පත්වෙමින් රජය ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ එකඟත්වයට පැමිණ ඇති බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාරිලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (24) පැවසීය. 24 April 2023
සමෘද්ධියේ වාහන 33ක් කොට උඩ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාහන 146 කින් 33 ක් කාර්මික දෝෂයට ලක්වූ දීර්ඝ කාලයක සිට දෙපාර්තමේන්තු පරිශ්රයෙහි හා ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත රථ ගාලේ අනාරක්ෂිතව ගාල්කර තිබුණු බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 24 April 2023
දේශබන්ධු අත්අඩංගුවට ගන්න එපා: අතුරු නියෝගයක් ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත් අඩංගුවට ගැනීම හෝ සැකකරුවකු වශයෙන් නම් කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් අද (24) නිකුත් කර තිබේ. 24 April 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026