තෙබුවන නිවසකින් ගිනි අවි සහ උණ්ඩ මතු වෙයි තෙබුවන නිවසක් පිටුපස වලදමා තිබූ විදේශ රටක නිශ්පාදිත ජීව අත්බෝම්බ 2 ක්, හඳුනානොගත් පෑන් පිස්ටල් වර්ගයේ අවි දෙකක කොටස් සහ පතුරම් තොගයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් අද (15) පස්වරුවේ සොයාගැනීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ. 15 December 2021
අතුරුදහන් සිසුවියගේ පෙම්වතා හෙටතෙක් රිමාන්ඩ් මහනුවර ප්‍රධාන පෙළේ සුපිරි බාලිකා විද්‍යාලයක 10 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන බාලවයස්කාර දැරියක අතුරුදන්වීමේ සිද්ධියට අදාළව මහනුවර පොලීසිය අත්අඩංග-ුවට ගත් ඇගේ පෙම්වතා බව කියන විසි හැවිරිදි තරුණයකු හෙට (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් දුමින්ද ප්‍රභාත් මුදුන්කොටුව මහතා අද (15) නියෝග කළේය. 15 December 2021
වර්ජනය අවසන් වුුවත් ජනතාව අපහසුතාවයට දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති එකමුතුව අද (15) මධ්‍යහන 12.00 සිට පැය හතරකට අධික කාලයක් පැවැත්වූ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 30 ක් පමණ අවලංගු කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’ පැවසීය. 15 December 2021
කොවිඩ් ආසාදිතයන් තව 588ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 588 දෙනකු අද(15) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 15 December 2021
මුතුරාජවෙල ගැසට්ටුවට එරෙහි පෙත්සම් විභාගය අප්‍රේල් 08 මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා අප්‍රේල් මස 08වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කලේය. 15 December 2021
බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට සහ අනිද්දා කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හෙට (16) සහ අනිද්දා (17) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලේ. 15 December 2021
කොවිඩ් මරණ 16 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 December 2021
කම්කරු නායකයන් ඇගයේ කම්කරු නායකයින් ඇගයීමේ “ශ්රමයට අභිමන් - ජනතා බුහුමන් 2021” උපහාර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (15) පැවැත්විණි. 15 December 2021
කිරි ගොවියන්ට සුභ ආරංචියක් දියර කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමේ පියවරක් ලෙස ලබන වසරේ කිරි ගොවියන් 3000ක් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ආධාර හා ද්‍රව්‍ය ආධාර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 15 December 2021
ප්‍රියන්ත මහතාගේ මාසික වැටුප සෑම මසකම ඔහුගේ බිරිඳගේ ගිණුමට පාකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදී කණ්ඩායමකගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මාසික වැටුප සෑම මසකම 5 වැනිදාට ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කිරීමට එම සමාගම එකඟ වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 15 December 2021
අසාද් සාලිගේ අයිතිවාසිකම් පෙත්සම්ට දින නියමවෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගෙන , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම තුලින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කල පෙත්සම විභාගය ලබන ජූනි මස 06 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) දින නියම කලේය. 15 December 2021
රංගන හේරත්ට කොරෝනා බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මහතා ‘කොවිඩ්’ ආසාදිතයෙක් බවට නවසීලන්තයේදී තහවුරු වී තිබේ. 15 December 2021
කොළඹ ස්ථාන 09ක් ඩ්‍රෝන නිරීක්ෂණයට රථවාහන තදබදය සහිත කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 09ක් ඩ්‍රෝන කැමරා මගින් නිරීක්ෂණය කර රථවාහන පාලනය සම්බන්ධයෙන් ගුවන් හමුදාව දිනපතාම ශ්‍රී ලංකා පොලීසියට සහයෝගය දක්වන බව ගුවන් හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය. 15 December 2021
ආයෝජන මණ්ඩලයේ සභාපති වැඩ අරඹයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා වන රාජා එදිරිසූරිය මහතා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලයේ දී අද (15) වැඩ බාරගත්තේය. 15 December 2021
'බෙදුම්වාදයට හිස ඔසවන්න ඉඩක් නෑ' පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත් වූ අහිංසක පවුල්වලට සාධරණය ඉටුකිරිමට අධිකරණ පද්ධතියට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. 15 December 2021
'සියළු බර ජනතාවගේ හිසමත' අධික පොලියට ණය ලබාගෙන මහා පරිමාණයෙන් කොමිස් ගසමින් කළ මේ සංවර්ධනයේ ප්‍රතිඵල දැන් ජනතාවගේ හිස මත කඩා වැටෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 15 December 2021
දුම්රිය වර්ජනය අවසන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතිවල සිදුවන අක්රමිකතාවලට නිසිපියවර නොගැනීමට විරෝධය දක්වමින් දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති අද (15) මධ්‍යහන 12.00 ට ආරම්භ කළ වැඩවර්ජනයක් අවසන් කළ බව එම සංගමය පවසයි. 15 December 2021
රාජ්‍ය ව්‍යාපාර සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාමික වයස වෙනස් වෙයි රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයිින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62තෙක් දීර්ඝ කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය. 15 December 2021
'එන්නත් ලබා ගැනීම අනිවාර්ය කර නෑ' කොවිඩ් 19 වයිරසය මර්දනයට එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් සිදු කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. 15 December 2021
වෙඩි තැබීමකින් තරුණියක් මරුට නෙදුන්කේනි සේනපිලව් ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 15 December 2021
'චීන පොහොර නැවට ගෙවිය යුතු මුදල වරද කළ අයගෙන් අය කරගනන' චීන පොහොර නැවට වන්දි වශයෙන් ගෙවූ ඩොලර් මිලියන 6.7ක මුදල එම පොහොර ගැන්වීමේ තීන්දුව ගත් වගකිවයුත්තන්ගෙන් අයකරගත යුතු බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. 15 December 2021
කුරුම්බා කැඩු තරුණයා ඝාතනය කළැයි චෝදනා ලැබු විත්තිකරු නිදහස් කුරුම්බා ගෙඩි හතරක් කඩාගෙන බිව්වේ යැයි 17 වියැති තරුණයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයකු කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (15) නිදොස් කොට නිදහස් කළේය. 15 December 2021
'ඩොලර් සංචිත අඩු වූ ඒකම රට ශ්‍රී ලංකාව' කොරෝනා වසංගත කාලසීමාවෙි දී ලෝකයේ වෙනත් රටවල විදේශ විනිමය සංචිත ඇමරිකා ඩොලර් බිලියන ගණනින් වැඩී වී තිබෙන නමුත් ඩොලර් සංචිත අඩුවූ එකම රට ශ්‍රී ලංකාව බව ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 15 December 2021
නීතිඥ සංගමයේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න අවසර විදේශ රටවල සිට බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති හා එහි නියෝජ්‍ය සභාපති ගොනු කළ රිට් පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයාට සහ එහි මූල්‍ය මණ්ඩලයට අභියාචනාධිකරණය අද (15)අවසර දෙන ලදී. 15 December 2021
’’පොඩි ලැසී’’ 21තෙක් රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් ’’පොඩි ලැසී’’ නමැත්තා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්දික සී. රාගල මහතා අද (15) නියෝග කළේය. 15 December 2021
බූස්ස බන්ධනාගාරයේ් රැදවියෙක් පළා යයි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු අද (15) දහවල් පලාගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 15 December 2021
ධීවරයින්ට අනතුරු ඇඟවීමක් දිවයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 December 2021
අලුතින් කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් කිරි ගොවියන්ට නිෂ්පාදන පහසුවෙන් අලෙවිකර ගැනීම සඳහා කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් අලුතින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 15 December 2021
හදිසි දුම්රිය වර්ජනයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතිවල සිදුවන අක්රමිකතාවලට නිසිපියවර නොගැනීමට විරෝධය දක්වමින් දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති අද (15) මධ්‍යහන 12.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. 15 December 2021
රටපුරා පොල් පැළ ලක්ෂ 23ක් නොමිලේ බෙදයි දිවයින පුරා ජනතාවට( ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින්) පොල් පැළ ලක්ෂ 23 ක් ලබන වසරේදී නොමිලේ බෙදාදීමට රජය තීරණය කර ඇත. 15 December 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026