
(ටී.කේ.ජී.කපිල )
රුපියල් අට කෝටි හැට හය ලක්ෂ හතලිස් දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , සමග ශ්‍රී ලාංකික මගීන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
මොවුන් දෙදෙනාගෙන් එක් අයකු 35 හැවිරිදි වියේ පසුවන නැදුන්කර්නි ප්‍රදේශයේ පදිංචි යකඩ පෑස්සුම්කරුවකු වන අතර , අනෙක් ගුවන් මගියා 46 හැවිරිදි වියේ පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන , මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ , එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , රැදවුම් නියෝග ලබා ගෙන , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd