මොනරුන්ටත් වීසා දෙන්න රංගේ සූදානම් රිලවුන් මෙන්ම මොනරුන්ද අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 17 April 2023
තුර්කියේ භූමි කම්පනයක් තුර්කියේ රික්ටර් මාපකයේ ඒකක 4 ක අගය ගත් භූමි කම්පාවක් අද (17) එරට වේලාවෙන් පෙරවරු 4.25 පමණ හටගෙන තිබේ.තුර්කියේ අෆ්සින් නගරයේ මෙම භූමි කම්පාව හටගෙන ඇත. 17 April 2023
අනතුරින් දෙදරු පියා මරුට මරදන්කඩවල පොලිස් බල ප්රදේශයේ ඒ නවය මාර්ගයේ 101 කිලෝමීටර් කණුව ආසන්නයේ දී හවස සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියා මියගොස් මව සහ දියණිය තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මරදන්කඩවල පොලීසිය පවසයි. 17 April 2023
රාජිතට දෙනවනම් රෝහිතටත් දෙන්න සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය රාජිත සේනාරත්න මහතාට ඇමැති තනතුරක් දෙන්නේ නම් එම දිස්ත්රික්කයේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතාටද ඇමැති තනතුරක් දෙන්නැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 17 April 2023
මෝටර් රථය පෙරළී විදෙස් කත මරුට ගම්පොල දෙස සිට හෙම්මාතගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හෙම්මාතගම දී මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරලීම නිසා එම මෝටර් රථයේ ගමන්ගත් විදේශීය කාන්තාවක් මිය ගොස් ඇයගේ දියණිය ද තුවාල ලබා ඇතැයි හෙම්මාතගම පොලිසිය පවසයි. 17 April 2023
වන විනාශය නොවැලැක් වූ නිලධාරියා ගෙදර ත්රිකුණාමල පුල්මුඩේ ප්රදේශයේ ස්ථාන තුනක සිදුවු වන විනාශය සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක නොකළ ගෝමරන්කඩවල අඩවි කාර්යාලයේ බීට්ටු වන නිලධාරියාගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටටු බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 17 April 2023
පී.සී අවුරුද්දට ගෙදර ඇවිත් තාත්තාට ගහලා සිංහල අලුත් අවුරුදු දිනයේ බීමත්ව නිවෙසට පැමිණ පියාට පහර දී නිවසේ තිබූ දේපොළවලට පහරදී අලාභානි සිදු කළ බව කියන කුරුණෑගල ,අලව්ව පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් වලස්මුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 17 April 2023
වැස්ස ගැන කාලගුණයේ අනාවැකිය සබරගමුව,බස්නාහිර,මධ්යම,දකුණු,වයඹ,ඌව සහ උතුරුමැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 17 April 2023
කැඩුනු යානය හෙට දිවයිනට ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක් වූ ශ්රී ලන්කන් ගුවන් යානය හෙට දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය. 16 April 2023
අධිවේගයේ අනතුරු වැලක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ සිදුවූ අනතුරු වැලකින් වාහන විසි හයකට ආසන්න සංඛ්යාවකට අලාභ සිදු වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 16 April 2023
එජාපය සහ සජබ එක් කරන කපුකම අසාර්ථක වුණා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක කුඩයක් යටට ගෙන ඒමට උත්සාහ කළ නමුත් සජබ නායකත්වයෙන් ඊට ප්රතිචාරයක් නොදැක්වූ නිසා උත්සාහය අත්හළ බව සජබ කොළඹ දිස්ත්රික් මන්ත්රී මනෝ ගනේෂන් මහතා පැවසීය. 16 April 2023
තෙලිඟු ජාතිකයන් දෙපිරිසක් ගැටී 16ක් රෝහලට තෙලිඟු ජාතිකයන් දෙපිරිසක් අතර පසුගිය 15 වැනිදා ඇතිවූ ගැටුමකින් 16 දෙනකු තුවාල ලබා ත්රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇතැයි කන්තලේ, තබලගමුව පොලිසිය පවසයි. 16 April 2023
මුදල් රාජ්ය ඇමැති රිය අනතුරක මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් කැබ් රථය කරවනැල්ල කහටගස් තැන්න ප්රදේශයේ දී තාප්පයක ගැටීමෙන් අමාත්යවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව රුවන්වැල්ල පොලිසිය කියයි . 16 April 2023
ලෝකෙටම විවෘත අවුරුදු උළෙල 22 ගාලුපිටියේ ජනාධිපති කාර්යාලය, අග්රාමාත්ය කාර්යාලය, රාජ්ය පරිපාලන අමාත්යාංශය ඇතුළු සියලු අමාත්යාංශ හා රාජ්ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරග වලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ. 16 April 2023
අධික රස්නය සතුන්ටත් බලපාලා රට පුරා පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ගවයන් හා එළුවන් වැනි නිදැල්ලේ හැසිරෙන සතුන්ගේ ජීවිතවලට දැඩි සෞඛ්යමය අවදානමක් මතුව ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව පවසයි. 16 April 2023
දුම්රිය රැසක් අවලංගුයි දුම්රිය රියදුරන් රැසක් සේවයට නොපැමිණීම හේතුවෙන් අද (16) දිනයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 16 April 2023
නෑගම් ගිය 5ක් රිය අනතුරින් රෝහලේ ත්රීරෝද රථයකින් අවුරුදු නෑගම් යමින් සිටි පිරිසක් සහ යතුරු පැදියක් බන්ඩාරගම වැල්මිල්ල ප්රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කල බව බණ්ඩාරගම පොලිසිය කියයි. 16 April 2023
ජපානය මෙරට ව්යාපෘති ගැන උනන්දුවෙන් ජපන් ආධාර යටතේ මෙරට ක්රියාත්මක වන ව්යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා ඉතාමත් උනන්දුවෙන් බලා සිටින බව ජපාන ජාත්යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ජ්යෙෂ්ඨ උප සභාපතිනි ඉමොටෝ සචිකෝ මහත්මිය පවසා ඇත. 16 April 2023
නව පාසල් වාරය හෙට ඇරඹේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (17) නැවත ආරම්භ වේ. 16 April 2023
අතුරුදන් දරුවා ඇළෙන් හමු වේ අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග පාමංකඩ, සුදුවැල්ලාව ,නෙළුව ප්රදේශයේ පිහිටි තම ආත්තම්මාගේ නිවසට පැමිණි සිටියදි අතුරුදහන්ව සිටි වයස අවුරුදු 02ක් හා මාස 06ක් වියැති දරුවාගේ සිරුර නෙළුව සුදුවැල්ලාව රංකැට ඇළේ තිබි අද (16) පෙරවරුවේ දි සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි. 16 April 2023
දඩ මස් සමඟ යුවළක් දැලේ පොලොන්නරුව මින්නේරිය රත්මලේ ප්රදේශයේ ගෝන මස් කිලෝ සියයක් ශීතකරනවල සඟවාගෙන විකිණීමට සූදානම් කරමින් සිටී ප්රසිද්ධ මස් වෙලෙන්දෙක් සහ ඔහුගේ බිරිඳ අද(16) සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකය සඳහන් කරයි. 16 April 2023
ආයතන 420 ක් කෝප් කමිටුව හමුවට විවිධ අක්රමිකතා මෙන්ම කාර්ය සාධනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රාජ්ය ආයතන 420ක ප්රධානින් මේ වසරේදී පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) කැඳවීමට තීරණය කර ඇත. 16 April 2023
රිලව් අල්ලන්න දුරස්ථ පාලක කූඩුවක් හදයි වගාවන්ට විශාල වශයෙන් හානි කරන රිලවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්යාංශය ගන්නා කවර පියවරකට වුවත් උපරිම සහයෝගය පළ කරන බව සියලුම දිස්ත්රික්ක වල ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්යාංශයට දැනුම් දී ඇත. 16 April 2023
පී.සී.ට පහරදුන් යතුරුපැදිකරුට වැඩ වරදී උණවටුන එරමුදුගහ හන්දියේ රථ වාහන රාජකාරියේ යෙදි සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදි පලා යාමට උත්සාහ කල යතුරුපැදි කරුවෙක් අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 16 April 2023
අධිවේගයේ ආදායම අධිවේගයෙන් ඉහළට අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් ඉකුත් පැය 24 තුළ රුපියල් මිලියන 35ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එල් .වි. එස්. වීරකෝන් මහතා පැවසීය. 16 April 2023
මිලියන 16 ක මත්පෙති සිලාවතුරේ කැලෑවක මන්නාරම සිලාවතුර ප්රදේශයේ පිහිටි කැලෑබද ප්රදේශයකින් රුපියල් මිලියන 16 කට අධික මත්පෙති 111,000 ක් සොයාගත් බවට මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 16 April 2023
අලුත් අවුරුද්දේ ගොවියන්ට ’’එළු’’තෑග්ගක් මෙම වසරේ එළුවන් 70,000ක් රැකියා නැති තරුණයන්ට නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්යාංශය තීරණය කර තිබෙි. 16 April 2023
කසිප්පු හබයෙන් මස්සිනා - මස්සිනාට වෙඩි තබයි ගාල්ල දඩල්ලේ ඊයේ රාත්රි පැවති සංගිත සංදරශණයක් අසළදි වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 16 April 2023
බොල්ගොඩ ගඟේ මළ සිරුරක් පිලියන්දල හල්පිට ප්රදේශයේ හෝටලයක් පිටුපස බොල්ගොඩ ගඟේ සැකකටයුතු අන්දමින් මිය ගොස් පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවූ බව පිළියන්දල පොලිසිය කියයි. 16 April 2023
පැත්තකට වැස්ස-පැත්තකට වැස්ස නෑ සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 16 April 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026