එජාපය පිරිසිදු කරන්න ලොන්ඩ්‍රියක දමාවත් බෑ - ඇමති අමරවීර එක්සත් ජාතික පක්ෂය ලොන්ඩ්‍රියක දමාවත් පිරිසිදු කළ නොහැකි පක්ෂයක් බවට පත්ව තිබෙන බවත් මෑතකදී ජනාධිපති තුමාගේ අතට පත් වූ ජනාධිපති කොම්ෂන් සභා වාර්තා දෙකෙන් එක්සත් ජාකි පක්ෂයේ හා ගිය ආණ්ඩුවේ හිටිය හොරු කවුද යන්න රටට හෙලි දරුව් වී ඇති බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධාන ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද (27) දින අගුණකොලපෑලැස්සේ පැවති ජන හමුවකදී පැවසීය. 27 January 2018
අතට සහ බුලත් කොළයට ඡන්දය දී රට රැකගන්න - ජනපති පෙබරවාරි 10 වෙනිදායින් පසුව පුළුල් ජාතික ව්‍යාපාරයක් අරඹන බව පැවසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතට සහ බුලත් කොළයට හැර වෙනත් පක්ෂවලට ඡන්දය දීමෙන් මහබැංකු බැඳුම්කරය සහ බරපතල වංචා විමර්ශණය යටපත් වෙන බවත් දුෂිතයින් ශක්තිමත් වීම සිදුවන බවත් අද (26) ගම්පහ නගරයේ පැවති ජන හමුවකදී පැවසීය. 26 January 2018
හැන්ද ඇත්තේ එජාපයේ - ලක්ෂ්මන් කිරිඇල්ල ‘‘පොහොට්ටුවේ අය ඡන්දය ඉල්ලුවත් ඔවුන්ට ආණ්ඩු බලයක් නොමැතිව කළහැකි දෙයක් නොමැති බවත් ජනපතිතුමත් පාර්ලිමේන්තුවේ බලයත් එක්සත් ජාතික පක්ෂයට ඇති බවත් හැන්ද ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි‘‘. 26 January 2018
ආණ්ඩුව වෙනස් කරන්න අවශ්‍යනම් 2020දී බලමු - දුමින්ද දිසානායක ආණ්ඩුව හෝ ජනපතිවරයා හොඳ නැත්නම් හා ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍යනම් නම් ඊට 2020 දී උත්සහ කරමු යැයි ද මෙම අවස්ථාවේ සියලු භේද පසෙකලා ගමට සංවර්ධනය ගේමු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 26 January 2018
පුංචි ඡන්දෙන් ශ්‍රිලනිපයට ලොකු ජයක් ලැබෙනවා - අමරවීර පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ජයග්‍රහණයක් ලැබෙනු ඇති බවත්, එබැවින් මැතිවරණයෙන් පසු වෙනත් පක්ෂයක් සමඟ ඒකාබද්ධ වීමේ වුවමනාවක් නැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 25 January 2018
අගමැති පණ බේරාගැනීමේ උත්සහයක-කබ්රාල් බැදුම්කර වංචාවෙන් එල්ල වන චෝදනාවලින් නිදහස් වීම සදහා පිටිපන, මාරපන වැනි කමිටු පත්කරමින් පණ බේරා ගැනීමේ උත්සාහයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිරත වන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි. 25 January 2018
ජනාධිපතිට වැරදුණු තැනක් කෙහෙලිය පෙන්වයි රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාස භංගයේ දී ඡන්දය නොදී මහින්ද රාජපක්ෂ මහතා ඔහුට දුරකථන ඇමතුමක් දුන් බවට ජනාධිපතිවරයා වේදිකාවේ කියාගෙන යන කතාව බොරුවක් බවත් එම විශ්වාසභංගය විවාදයට නොගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය. 23 January 2018
‘රාජ්‍ය සේවක වැටුප වැඩිවිය යුතුයි’ - ට්‍රිල්වින් පසුගිය වසරේ නොවැම්බර් මාසය දක්වා ජීවන අංකය වැඩිවීමට අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවත් රුපියල් 5697කින් වැඩිවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (22) පැවසීය. 22 January 2018
103% තිබුණු ණය බර 70%ට අඩු කළා - මහින්ද ‘වර්තමාන රජය අද ණය බරයි ණය බරයි කිය කියා කෑ ගැහුවත් මට රට බාර දෙන කොට සියයට 103 ක් තිබුණ ණය බර නැවත මම භාර දෙන කොට තිබුණේ සියයට 69 ක 70ක් පමණයි. ‘ යැයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කළේය. 21 January 2018
‘බැඳුම්කර වාර්තාව හමස් පෙට්ටියට දාන්න හදනවා‘ ආණ්ඩුව හදන්නේ බැඳුම්කර වාර්තාව පිළිබඳ කතාබහ පෙබරවාරි 10තෙක් ඇදගෙන ගොස් ඡන්දයෙන් පසු එය හමස් පෙට්ටියට දමා වසා දැමීමට යැයි ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය. 18 January 2018
පාර්ලිමේන්තු මැතිවරණ ක්රමයද වෙනස් විය යුතුයි - ලක්ෂ්මන් යාපා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් නොකර විධායක ජනාධිපති ක්‍රමය පමණක් වෙනස් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන්නේ නැතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. 17 January 2018
‘මහින්ද රජයක් පිහිටුවා පොහොර මිටිය 350 ක් කරනවා’ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව රජයක් පිහිටුවා මසක් යන්නටත් ප්‍රථමයෙන් පොහොර මිටියක් යළිත් රුපිවල් 350/- ගොවියන්ට ලබා දිමට පියවර ගන්නා බව 16 January 2018
දූෂණය නැති කරන්න කතා කරන්නේ දූෂිතයන්මයි - ටිල්වින් රටේ පවතින ප්‍රධානම ප්රශ්නය වන වංචාව,දූෂණය හා නාස්තිය නැති කරන්නට කතා කරන්නේ මහා පරිමාණ දූෂණවලට වගකිව යුතු දූෂීතයන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි. 15 January 2018
‘යහපාලනය එළ හරකයි මී හරකයි වගේ‘ ‘‘යහපාලන ආණ්ඩුව හරියට එළ හරකයි මී හරකයි බැඳලා හානවා වාගේ. බැඳුම්කර සිද්ධියත් එක්ක මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිට වෙලා තියෙන්නේ ගෙදර ගියොත් අඹු නසී. මග සිටියොත් තෝ නසී වාගේ වැඩක්. 15 January 2018
හොරුන්ට දඬුවම් දෙන්න පක්ෂ පාට මට කිසි ප්‍රශ්නයක් නෙමේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බවත් හොරුන්ට දඬුවම් කිරීමේදී පක්ෂ පාට තමාට ප්‍රශ්නයක් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිස්සමහාරාමයේදී පැවැසීය. 15 January 2018
කොළඹ අලංකාර කළැයි කෑගහන අය කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන්කර තිබුණේ නෑ “කොළඹ අලංකාර කළා යැයි කියමින් කෑ ගසන අය ඇරඹූ කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන් කර තිබුණේ නැතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හැව්ලොක් සිටිහි දී පැවැසීය. 15 January 2018
යහපාලන රජය වසර තුනක් ජනතාව මුලා කළා - ලොකුගේ යහපාලන ජාතික රජය වසර තුනක් තිස්සේ ජනතාව මුලා කරමින් රට අගාධය කරා ගෙන ගිය වැඩපිලිවලට තිත තැබීමේ අවස්ථාව ජනතාවට උදාවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා අද(14) පැවසීය. 14 January 2018
ජනපති දේශපාලනය කරද්දී අගමැති රට හදනවා - සුජීව ජනාධිපතිවරයා දේශපාලනය කරන විට අගමැතිවරයා සිදු කරන්නේ රට සංවර්ධනය කිරීම යැයි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. 14 January 2018
‘ජනපති මෛත්‍රීගේ සැබෑ අයිතිකරු එජාපයයි‘ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නියම අයිතිකරුවන් වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පාක්ෂිකයින් බවත් ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෙනෙහිළිකම් කිරීමට ඉඩ නොතබන බවත් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. 12 January 2018
දෙගොල්ලොම හොරුන් ආරක්ෂා කරනවා - අනුර කුමාර තිස්ස සභාවේ වාර්ෂික ආදායම කෝටි හතරහමාරයි. බැඳුම්කර හොරකම මාස හයට කෝටි 1100 යි. තිස්ස සභාව බැඳුම්කර හොරකම වාගේ සල්ලි හොයාගන්න නම් අවුරුදු 220 ක් බලන් ඉන්න ඕනෑ.. කොහොමද හොරකමේ තරම. 12 January 2018
පොහොට්ටුවේ ප්රචාරයට ජී.එල්.ගේ රුව යොදා නොගැනීම කනගාටුවක් පොහොට්ටු පක්ෂයේ ප්‍රචාරණ කටයුතුවලදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ රුව යොදානොගැනීම ගැන තමා කනගාටුවන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (3) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. 04 January 2018
පොහොට්ටු රැස්වීමට ගිය මහින්දට ක්‍රියාමාර්ගයක් ගන්න අපට හදිස්සියක් නෑ පොහොට්ටුවේ රැස්වීමට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපට හදිසියක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, ඇමැති එස්.බී. දිසානායක මහතා පැවැසීය. 04 January 2018
එජාපයේ බංකොලොත් බව වහගන්න බණ්ඩාරනායක අගමැතිත් - සිරිමාවෝ මැතිනියත් පිරුවටයක් කරගෙන (නාලක සංජීව දහනායක) එක්සත් ජාතික පක්ෂය තම දේශපාලන බංකොළොත් බව වසා ගැනීම සඳහා බණ්ඩාරනායක මහතාගේ ලේ තැවරුණු සාටකයත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නිල් ඔසරියත් දිගින් දිගටම භාවිතා කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (3) පැවසීය. 04 January 2018
බැඳුම්කර කොමිසමේ වාර්තාව එක්ක සියලු සාක්ෂිත් උපලේඛනයක් ලෙස දෙන්න බැඳුම්කර කොමිසමේ වාර්තාව සමඟ එහි උපලේඛනයක් වශයෙන් එම කොමිසම ඉදිරියේ දුන් සියලුම සාක්ෂි ලබාදෙන ලෙස එම කොමිසමෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 04 January 2018
රටේ බලය දී තිබෙන්නේ වැරැදි කණ්ඩායමකටයි වසර 70 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්, ඒ දෙකම එකතු වෙලාත් රට පාලනය කළා. ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, පළාත් සභා, ප්‍රාදේශීය සභා නියෝජිතයන් පත් කළා. 01 January 2018
ගොවීන්ට වන්දි දෙන්නැයි හිටපු ඇමති කියයි මේ වන විට රටපුරා පවතින පොහොර හිඟය නිසා ගොවිතැන් රැසක් විනාශ වී ඇති බවත් ගොවීන්ට වහාම වන්දි ලබා දීම හා ගොවීන්ගේ වගා ණය කපා දැමිය යුතු බවත් හිටපු ගොවිජන සේවා හා වනජීවී ඇමති ස්. එම් .චන්ද්‍රසේන මහතා පැවසීය. 29 December 2017
ජාතික ආණ්ඩුව අස්ථාවර නොවිය යුතුයි - දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව අස්ථාවර නොවිය යුතු යන්න දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරයි. 27 December 2017
හිටපු ජනාධිපති මහින්ද ගැන වැඩි අයිතිය මටයි - ලක්ෂ්මන් වසන්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැන දැන් ඔය කථාකරන කටත් වඩා අයිතියක් තියෙන්නේ මටයි .එදා ඔවුන් එතුමව පරාජය කරන්නයි වැඩ කළේ අද ඔවුන් නැවත වරක් එතුමාව පාරාජය කිරිමටයි කටයුතු කරන්නේ යැයි වැවිලි කර්මාන්ත නියෝජය අමාත්‍ය නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය. 24 December 2017
‘සංක්‍රමණිකයන් ආවත් නිවේදන නිකුත් කරන්න තරම් නිදහස් පක්ෂය පිරිහිලා‘ තැන් තැන්වල විසීරී සිටි සංක්‍රමණිකයින් පිරිසක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්ව ඇතැයි පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා නිවේදන නිකුත් කිරීමට තරම් ජනාධිපතිවරයා බංකොළොත් වීම පිළිබඳ තම පක්ෂය කණගාටු වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා අද(22) පැවසීය. 22 December 2017
‘මහනුවර තුන්කොන් සටනක් නෑ‘ මහනුවර දිස්ත්‍රික්කය තුළ කිසිදු තුන්කොන් සටනක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22ම ජයග්‍රහණය කරන බවත් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය. 20 December 2017
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026