විශ්වාසභංගය පැරදවීමට කිසිවකුත් නොසිතන බලවේග එ.ජා. පෙරමුණ හා අත්වැල් බැඳ ගන්නවා විශ්වාසභංගය පරාජය කිරීම සඳහා අප්‍රේල් 04 වැනිදා වන විට කිසිවකුත් නොසිතන බලවේග එක්සත් ජාතික පෙරමුණ සමඟ අත්වැල් බැඳ ගැනීමට සූදානමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී ඊයේ (2) පැවැසීය. 03 April 2018
ගමේ ව්‍යාපාර දියුණුකිරීමේ ක්‍රමවේද මේ වසරේත් ක්‍රියාත්මකයි “තම ශක්තියෙන් ඉදිරියට ගොස් ලෝකයට මුහුණදීමට හැකි ව්‍යාපාරික ප්‍රජාවක් ගොඩනැගීම රජයේ අරමුණ බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 03 April 2018
ඉඩම් සම්බන්ධව වැඩකරන සියලු අංශ කෙරෙහි ජනතාවට ඇත්තේ ප්‍රසාදයක් නොවෙයි ඉඩම් පිළිබඳව කටයුතු කරන සියලු අංශ පිළිබඳව පොදුවේ ගත් කල රටේ ජනතාවගේ පැහැදීමක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී සිකුරාදා (30) දින ප්‍රකාශ කළේය. 03 April 2018
විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපි දිනුම් “අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දිනුවත් අපි දිනුම්, පැරදුණත් අපි දිනුම්” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 02 April 2018
ආයෙත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වෙට ඇවිත් මහ පාරේදි මිනිස්සු ප්‍රසිද්ධියේ ඝාතනය කරන තරමට පාතාලය අද හිස ඔසවා ඇති බවත් එවන් ඝාතන හයක් පමණ පසුගිය දින දෙක තුනේදී කොළඹ නගරයේදී සිදු වූ බවත් හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා (30) පැවසීය. 02 April 2018
විශ්වාසභංගය පරදා පක්ෂයත් ආණ්ඩුවත් ශක්තිමත් කරනවා “විශ්වාසභංගය අප්‍රේල් හතරවැනිදා පරාජයට පත්කිරීමෙන් පසුව පක්ෂයත්, ආණ්ඩුවත් දෙකම වඩ වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයනවා” යයි විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කොළඹදී පැවසීය. 02 April 2018
රටක් හදන්න කෙළින් තීරණ ගන්න ඕනෑ රටක් දියුණු කිරීමට නම් විද්වතුන්, බුද්ධිමතුන් හා ව්‍යවසායකයන් මෙන්ම සම්පත් දායකයන් එක්ව නිවැරැදි තීන්දු තීරණ ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (28) පැවැසීය. 30 March 2018
නැවත පොදු අපේක්ෂයකුට සහය දෙන්නේ නැහැ - සුජීව සේනසිංහ නැවත කිසි දිනෙක පොදු අපේක්ෂකයින් සහය නොදෙන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. 29 March 2018
සමහර සභා පිහිටුවන්නේ ආප්ප න්‍යායයට බහුතරයක් සභා කාසියේ වාසියෙන් පිහිටුවන බවද ඇතැම් සභාවල මේ වන විට ආප්ප න්‍යාය ක්‍රියාත්මක කර ඇති බවද හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 29 March 2018
මහබැංකුව හොරු කැඩීමෙන් සාමසර කන්ද වගේ රටේ සල්ලි නාය ගියා අපේ රටේ දැවැන්ත මූල්‍ය අර්බුදයක් ඇති වී තිබෙන්නේ මහ බැංකුව හොරු කැඩුව නිසයි. ඒ නිසා සාමසර කන්ද නාය ගියා වාගේ රටේ සල්ලි නාය ගියා. ඉදිරියේදී විදුලි බිල, ජල ගාස්තු, කිරි පිටි මිල, ඉන්ධන මිල ඉහළ දමනවා. 29 March 2018
‘විශ්වාසභංගයත් සමඟ රට ව්‍යාකූල වෙලා‘- මහින්ද අමරවීර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේදී රට හා ජනතාව බලාපොරොත්තු වෙන, දේශපාලනයට වඩා රට ගැන හිතන, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නොබෙදෙන ආකාරයේ තීන්දුවක් ගැනීම සදහා 28 March 2018
සාකච්ඡා මාර්ගයෙන් එක් මතයකට පැමිණ ශ්‍රී ලංකාව දැන් ඒකීය මාවතකට පිවිස තිබෙනවා “සාකච්ඡා මාර්ගයෙන් ශ්‍රී ලාංකිකයින් වශයෙන් එක් මතයකට පැමිණ ඒකීය බව ළඟාකර ගන්නා මාවතට ශ්‍රී ලංකාව දැන් අවතීර්ණ වී ඇතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 28 March 2018
රාජ්‍ය සේවය, දේශපාලනය ඇතුළු හැමතැනකම හරියට වැඩක් නොකරන පිරිසක් ඉන්නවා රාජ්‍ය සේවය, දේශපාලනය ඇතුළු සෑම ක්ෂේත්රයකම ගුණාත්මක සේවයක් ලබානොදෙන පිරිස් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (26) පැවසීය. 28 March 2018
අගමැතිගේ විශ්වාසභංගයට ශ්රීලනිපය ඉක්මන් තීන්දුවක් ගත යුතුයි ජනතාව ගැන කිසිදු අනුකම්පාවක් නැති රජය තවදුරටත් ජනතාව පීඩාවට පත්කිරීමේ අරමුණින් බඩු මිල ඉහළ දැමීමට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (26) පැවැසීය. 27 March 2018
බදු බර උහුලන්න බැහැ: රුපියල බාල්දුවන තරමට ආණ්ඩුවත් බාල්දු වෙනවා ධනපති පන්තිය ආර්ථිකය හැසිරවීම නිසා ජනතාව මත දිනෙන් දින පැටවෙන බදු බර ඉසිලිය නොහැකි තරමින් වැඩිවී ඇතැයි ද මේ ආණ්ඩුව රුපියල බාල්දු වන ප්‍රමාණයටත් වැඩියෙන් බාල්දු වෙන්නේ ඒ නිසා යැයිද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා ඊයේ (26) පැවසීය. 27 March 2018
ශ්‍රීලනිප ආණ්ඩුවක් ඇතිවෙනවානම් අපි විපක්ෂයේ සිට තනතුරු නොගෙන සහය දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ආණ්ඩුවක් ඇතිවෙනවා නම් අපි විපක්ෂයේ ඉඳගෙන තනතුරු නොගෙන සහයෝගය දෙනවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ලේදී පෙරේදා (25) පැවැසීය. 27 March 2018
තෙල්දෙණියේ සිද්ධියට සම්බන්ධ පොහොට්ටු මන්ත්‍රීන්ගේ නම් රටට හෙළිකරන්නැයි පොලීසියෙන් ඉල්ලනවා තෙල්දෙණියේ සිදුවීමට සම්බන්ධ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් රටට හෙළි කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටින්නේ යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (26) පැවැසීය. 27 March 2018
දේශපාලකයන් වැරැද්දට පෙලැඹෙන මුල්ම තැන කසිප්පු සිගරට් බීමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සියලු කටයුතු දීපව්‍යාප්තව සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය. 27 March 2018
තෙල් මිල වැඩි කළේ අගමැතිගේ උපන්දින තෑග්ගට - නාමල් රාජපක්ෂ ඇතැම් සභාවල මේ වන විට ආප්ප න්‍යාය ක්‍රියාත්මක කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 26 March 2018
අගමැති වටේ හිටිය කට්ටිය පනින්න ලෑස්තියි විශ්වාසභංගය අගමැතිට අවාසිදායක කියලා දැනගත්ත අගමැති වටේ හිටපු මැති ඇමතිවරු දැන් ගිලෙන නැවකින් මීයෝ පනිනවා වගේ එළියට පනින්න සුදානමින් ඉන්නවා යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා ඊයේ (25) පැවසීය. 26 March 2018
ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් වැඩේ දුන්නා පොලිය මත බදු පැටවෙන සාධාරණ බවේ මූලධර්මයන්ට අනුකූල නොවන අයුරින් මේ ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ තැන්පතු මුදලේ පොලියට පවා සියයට සියය බද්දක් පනවා ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (25) පැවැසීය. 26 March 2018
‘අගමැතිට එරෙහි විශ්වාසභංගය දේවාශිර්වාදයක් ‘ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දේවාශිර්වාදයක් යැයි බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේය. 23 March 2018
අමාරුවෙන් හදාගත් දරුවා මරාදාන්න ආණ්ඩුව තීරණය කරලා මේ වස විෂ නැති ගොවිතැන පාරමිතාවක්. අද මේ ගමනේ ප්‍රතිඵල නෙළාගෙන එන අවස්ථාව, දැන් මොකද වෙන්නේ මේ දුෂ්කර ගමන මේ පැළ කරගත් බීජය, දුෂ්කරව හදාගත්තු දරුවා සම්පූර්ණයෙන් මරලා දාන්න මේ ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. 22 March 2018
බයිසිකලයෙන් දේශපාලනයට ඇවිත් බෙන්ස් කාරයෙන් යන්න හදන්න එපා “බයිසිකලයෙන් දේශපාලනයට පැමිණ බෙන්ස් කාර් රියෙන් යන්න සූදානම් වෙන්න එපා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ මන්ත්‍රී කණ්ඩායමේ දිවුරුම් දීමේ උත්සවයේදී පෙරේදා (19) පැවැසීය. 21 March 2018
ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ අනාගතය ගැන හිතලයි ආණ්ඩුව අනාගතය ගැන සිතා ගන්නා ඇතැම් තීරණ ජනප්‍රිය නැතැයි ද එම තීරණවලට මැතිවරණවලදී ඡන්ද ලැබෙන්නේ නැතැයි ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙරේදා (19) පැවැසීය. 21 March 2018
සක්‍රීය බැරකම් කළමනාකරණ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න සහය දෙන්න එපා සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සහය නොදක්වන ලෙස තම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට උපදෙස් දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) පැවසීය. 21 March 2018
පොහොට්ටුවේ ජය නිසා රජය දෙදරා ගිහින් - මහින්ද ‘අපේ ජයග්‍රහණය නිසා අද රජය දෙදරා තිබෙනවා.රජයේ අස්ථාවරභාවය පිළිබදව රට පැහැදිලිව පේනවා‘ යැයි හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) පැවසීය. 20 March 2018
ඉතිහාසයේ වූ පොරොන්දු ඉටුකරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එක්වන්න ඉතිහාසයේ තමන් වූ පොරොන්දු ඉටු කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එක් වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සියලු දේශපාලන පක්ෂවලින් ඊයේ (19) ඉල්ලීමක් කළේය. 20 March 2018
රටත් ජනතාවත් බේරගන්න නම් මේ ආණ්ඩුව වට්ටන්නම ඕනෑ රටත්, ජනතාවත් විනාශයට පත්වීමට වැළැක්වීමට නම් මේ ආණ්ඩුව අවසන් කළ යුතු යැයි දල අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ ඒ නිසා යැයි දල ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (19 වැනිදා) පැවැසීය. 20 March 2018
ශ්‍රී ලංකා මුද්‍රණ ක්ෂේත්රයේ කේන්ද්‍රස්ථානයක් කිරීමට තාක්ෂණික කර්මාන්ත පුරයක් පිහිටුවනවා ශීඝ්‍ර දියුණුවක් කරා පියවර තබන ලෝක මුද්‍රණ කර්මාන්තය සමඟ ශ්‍රී ලංකා මුද්‍රණ කර්මාන්තයත් ඉදිරියට ගෙනයාම සඳහා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 20 March 2018
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026