ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් ශ්රීලනිපය සමගි කරන්න දෙන්නේ නෑ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමගි කිරීමේ දැඩි වුවමනාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා ශී‍්‍රලනිප ජ්‍යෙෂ්ඨයින්ට ඇතත් ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පිරිස් ඊට බාධාකරන්නේ යැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේය. 15 November 2017
‘බහුජාතික සමාගම් වලට ඕනෑ විදියට අණපනත් වෙනස් කර රට අගාධයට ගෙනයනවා’ යහපාලනය පෙන්වමින් රට වීදි ගණිකාවක් බවට පත්කරන වත්මන් රජයේ ක්‍රියා කළාපය බුදු සරණයි බෝඩ් ලෑල්ල දමාගෙන හොර හරක් පටවන ලොරි රථ මෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා අද (14) පැවසීය. 14 November 2017
ඩිලාන් එජාපයට අනතුරු අඟවයි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උඩින් කාක්කන්ට පියාසර කරන්න පුළුවන්. ඔලුව උඩ ඕන නම් කුඩු හදන්නත් පුලුවන් හැබැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඔලුව උඩ කුඩු හදලා අසුචි දාන්න ආවොත් එක්සත් ජාතික පක්ෂයේ එවනුන්ට අපි කියනවා අපි නිකම් ඉන්නේ නැහැ. 13 November 2017
නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්රයේ සංවර්ධනයට මුල් තැනදී තිබෙනවා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 6 වැනිදා දෙයියන්දරදී පැවැසීය. 13 November 2017
සියලු දෙනාට නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙනවා වසර දෙකකට පෙර මෙන් නොව දැන් රටේ සියලු දෙනාටම නීතිය එක සමාන ලෙස ක්‍රියාත්මක වෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොටදී පැවසීය. 13 November 2017
‘ගනුදෙනු ජනතාව සමග පමණයි‘ තමා රනිල් හෝ මෛත්‍රී සමග ඩීල් එකක් නැති බවත් තමාගේ ගනුදෙනුව ඇත්තේ ජනතාව සමග පමණක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද(12) අනුරාධපුරයේ දී පැවසීය. 12 November 2017
සියයට 40 ක් ජනතා ප්‍රසදයක් නැති අය නිසා ජනතාව කලකිරිමෙන් “කොට්ඨාශ ක්‍රමයට ජන්දය ඉල්ලා සියයට 60ක් එද්දි සියයට 40ක් එනවා ඡන්දය ඉල්ලන්නේ නැතිව.ඒ අය ජනතාවගේ ප්‍රසාදයක් නැති අය.ඒ ක්‍රමයට අපි විරුද්ධයි “යැයි නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා කියයි. 12 November 2017
ණය නැති රටක් බිහිකිරීමේ මුල් පියවර තැබුවා ණය බර වැඩි වී සංවර්ධනය අත්හිටව පැවති රට බාර ගෙන කෙටි කාලය ඇතුළත ණය නැති අපනයන සංවර්ධනය ඉදිරියට යන රටක් බිහි කිරීම සඳහා මූලික පියවර තැබීමට හැකි විනැයි 09 November 2017
විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්නයි වෙල්ගමත් ඉල්ලයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ඉන්දියාවේ ජනාධිපති ධුරයට සමාන ජනාධිපති ක්‍රමයක් ලංකාවේ ඇතිකරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා සිටියේය. 08 November 2017
‘පක්ෂවල ඇත්ත තත්ත්වය මැතිවරණයෙන් පසු‘ ඉදිරි පළාත් පාළන මැතිවරණයෙන් පසු වහසි බස් දොඩවන දේශපාලන පක්ෂවල සැබෑ තතු හෙළි කරගත හැකි බව කම්කරු සහ වෘත්තීය සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි. 08 November 2017
ඉන්දියානු ඔයිල් සමාගමට මුළු රටම තෙලෙන් බදින්න හැකිවෙලා ඉන්ධන බෙදා හැරීමේ ඒකාධිකාරයෙන් තුනෙන් එකක් පමණක් විජාතිකකරණයට ලක්කිරීමේ අනිටු ප්‍රතිඵල කොතෙක්ද කියනවා නම් අද ඉන්දියානු ඔයිල් සමාගමට මුළු රටම තෙලෙන් බදින්නට හැකිවී තිබෙනවා යැයි 08 November 2017
අයවැයෙන් ජනතාවට සහන මල්ලක් දුන්නත් ජනතාව යළි රවටන්න බෑ ”ලබන වසර මැතිවරණ බහුල වසරක් නිසා මෙවර අයවැයෙන් ජනතාවට සහන මල්ලක් ලබාදුන්නත් දින සීයේ ප්‍රෝඩාවට හසුවූ ජනතාව මෙවර නම් රවටන්න ආණ්ඩුවට හැකියවන්නේ නැහැ” 08 November 2017
‘ආණමඩුවේ සංවිධායකට හැදෙන්න අවස්ථාවක් දුන්නා‘ ආණමඩුවේ දී ගුරුවරියක් දණ ගැස්වූ දේශපාලකයා මූල්යවංචා හෝ පොදු දේපල කොල්ල කෑ අයෙක් නොවන නිසා ඔහුට ආසන සංවිධායක ධුරය පිරිනැමු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවැසීය. 07 November 2017
‘පළාත් පාලන ඡන්දයට වසරකට කලින් සුදානම් වුණා’ පළාත් පාලන ඡන්දයට වසරක තරම් කාලයකට පෙර සිට සුදානම් වූ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු ආයාසයකින් තොරව මැතිවරණයට මුහුණ දිය හැකි යැයි 07 November 2017
‘සහන පිරුණු අයවැයක් ගේනවා‘ රටට ජනතාවට 2018 වසර සුබවාදීව දැකිය හැකි සහන පිරුණු සංවර්ධන දිශාවකට රට යොමු කරන අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා අද(07) පැවසීය. 07 November 2017
අපේ රට තෙල් මාෆියාවකට යටවෙලා පෙට්‍රල් ටික බෙදාගත නොහැකි ආණ්ඩුවක් බලය බෙදීම වැනි විශාල කාර්යයක් සිදුකරන්නේ කෙසේදැයි තමන්ට නොතේරෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (6) පැවසීය. 07 November 2017
අද වෙළෙඳපොළ හසුරුවන්නෙක් නෑ ඉන්ධන ගෙන්වීමේ හා බෙදාහැරීමේ තමන් සතු බලය පෞද්ගලික අංශයට විකුණා දැමීම නිසා ඉන්ධන අර්බුදයේදී ආණ්ඩුවට දත නියවාගෙන සිටීමට සිදුව ඇතැයි 07 November 2017
තරගකාරී අගය වැඩි කිරීමට ශ්‍රී ලංකාව වේදිකාවක් කරනවා “ශීඝ්‍රයෙන් දියුණු වන ඉන්දියන් සාගර කලාපයේ තරගකාරී අගය වැඩිකිරීම සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් බවට පත් කරන්නේ” යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (4) හම්බන්තොට දී පැවැසීය. 06 November 2017
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ආණ්ඩු පෙරළනවා, ආණ්ඩු හදනවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආණ්ඩු පෙරළනවා, ආණ්ඩු හදනවා. පාලනය කළ නොහැකි තරමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජාත්‍යන්තරය තුළ ශක්තිමත්. ලෝකයේ ඇතැම් රටවල වගේම අද සිදුවන මිනීමැරුම් අපරාධවලට මුල්වී ඇත්තේ මත්ද්‍රව්‍ය බැව් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අම්බලන්ගොඩදී පැවැසීය. 06 November 2017
වැරදිකරුවන් වැරදි හදාගෙන සමාජයට එන්න ඕනෑ ‘මගෙන් යම් වැරද්දක් වුණා. නමුත් කිසිම දවසක ඒ ගුරුවරිය කියලා නෑ නැවත ආනන්ද රවලාවත් බැලුවා කියලා. ඒකනේ විය යුත්තේ. 05 November 2017
බැසිල්-ප්‍රසන්න ඉන්දියාවේ උවමනාවට ශ්රීලනිපය කඩනවාලු ප්‍රසන්න රණතුංග මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ රෝ සංවිධානයට අවශ්‍ය ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා රට අස්ථාවර කිරීමට උත්සාහ කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය. 05 November 2017
උතුරට බලය බෙදීමක් ඕනෑ දිගින් දිගටම අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතුයැයි ඒකාබද්ධ විපක්ෂ විශ්වාස කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (1) පැවසීය. 02 November 2017
වෙන රටවල් බෙදී වෙන් වෙන්න උණ්ඩ අතට ගන්නවා: සටන් කරනවා ලෝකය පුරා විවිධ රටවල් වෙන් විය යුතු යැයි, උණ්ඩ අතට ගන්නා විට ලංකාවේ ජනතාව එක්ව ජීවත් විය යුතු යැයි දුන් ජනවරම අනුව ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන් හිදී ඊයේ 29 වැනිදා පැවැසීය. 30 October 2017
‘ විධායක බලතල වලට කලින් 13 වැනි ව්‍යාවස්ථාව අහෝසි කළ යුතුයි’ විධායක බලතල අහෝසි කරන්න අවශ්‍යම නම් ඊට පෙර පළාත් සභාවලට බලය බෙදන 13 වැනි සංශෝධනය අහෝසි කරන්න යැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ අද (27) සම්බුද්ධත්වය ජයන්ති මන්දිරයේදි පැවසීය. 27 October 2017
අලුත් ව්‍යවස්ථාව ගැන ජනමත විමසුම බෙඳුම්වාදීන් දිනනවා නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විමසුම ආණ්ඩුව දිනුවත් පැරදුනත් බෙදුම්වාදින් දිනනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) පැවසීය. 25 October 2017
‘විමල්ගේ බෝම්බ කථාව වැරදියි‘ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිදුකර ඇති පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ ප්‍රකාශය බරපතල තත්ත්වයක් බවත් 25 October 2017
බුද්ධාගමට ඇති තැන එලෙසින්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යයවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම බෞද්ධ ආගමට තිබිය යුතු ස්ථානය අනිවාර්යෙන්ම ලබා දෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුරයේදි පවසයි. 25 October 2017
වත්මන් ආර්ථික වර්ධන වේගය අනුව රට සමෘද්ධිමත් කළ නොහැකියි - මහාචාර්ය තිස්ස වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 4.2ක් වන පසුබිම යටතේ 2025දී ශ්‍රී ලංකාව සමෘධිමත් රාජ්‍යයක් බවට පත් කළ නොහැකි බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියයි. 24 October 2017
‘සෑම ආණ්ඩුවක්ම ව්‍යවස්ථාව සංශෝධනය කළේ ජාත්‍යන්තර වුවමනාවටයි’ 78 ව්‍යවස්ථාවේ සිට ඉතිහාසය පුරා සෑම ආණ්ඩුවක්ම නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළේ නම් 24 October 2017
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026