මංගල උත්සවයේ ආරවුලෙන් අයෙක් මරුට අඟුරුවාතොට බටගොඩ හන්දියේ දී ඊයේ රාත්රී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතළ තුවාල ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් බටගොඩ වෙල්යායක තිබී අද අලුයම සොයාගත් බව අතට පොලිසිය කියයි 18 March 2023
බොහෝ ප්රදේශවලට සවස් කාලයේ වැසි දිවයිනේ බොහෝ ප්රදේශවල තැනින් තැන අද (18) සවස් කාලයේ හෝ රාත්රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 18 March 2023
බිස්කට් ටින් එකෙන් මත් කුඩු මතුවේ ඩුබායි රටේ සැඟව සිට හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය ඇතුළු අපරාධ ගණනාවක් මෙන්ම මත්ද්රව්ය ජාවාරම ද මෙහෙයවන කන්නංගරගේ ලලිත් කන්නන්ගරගේ මෙරට මත්ද්රව්ය ජාලය මෙහෙයවන පුද්ගලයකු රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 18 March 2023
ගොයම් කොලෙන් ඝාතකයා ඇල්ලූ ‘‘ඒගල්‘‘ ගෙන් තවත් කරනමක් නත්තරන්පොත ප්රදේශයේ කොන්ත්රාත්කරුවකු ගේ නිවසට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් ,මුදල් සහ රුපියල් විසි දහසක් වටිනා සුවඳ විලවුන් බෝතලයක් හොරා ගෙන ගිය බව කියන පුද්ගලයකු, ,අත්අඩංගුවට ගැනීමට මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නිල සුනඛ ‘‘ඒගර්‘‘ විසින් ලබාදුන් හෝඩුවාවක් අනුව වත්තේගම පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත. 18 March 2023
පුටින් අත්අඩංගුවට ගන්න වරෙන්තු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය. ඒ, රුසියාව, යුක්රේනයට එරෙහි හමුදා ක්රියා මාර්ගයක් අනුමනය කරමින් යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙනි. 18 March 2023
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජේ.ශ්රි රංගා අත්අඩංගුවට රිය අනතුරක් කොට ප්රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙනන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජේ.ශ්රිරංගා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී කොහුවල පොලිසියේ නිලධාරීන් විසින් අද (17) අත්අඩංගුවට ගන්නා ලදී. 17 March 2023
පොලිස් බසයට ගෙනා අලුත්ම ටයරය කොස්තාපල් විකුණලා පොලිස් බස් රථයක පරණ ටයරය වෙනුවට සවිකිරීම කිරීමට ගෙනා අලුත් ටයරය මාළු ප්රවාහනය කරන ලොරි රථයක රියදුරෙකුට විකුණා දැමූ බව කියන කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරුගේ වැඩ අද (17) තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 17 March 2023
මන්ත්රී වලේබොඩගෙන් සියලු මන්ත්රීවරුන්ට ලිපියක් නීතිය අධ්යාපනය ඉංග්රීසි භාෂාවට සීමා කිරීමට ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමට පෙළ ගැසෙන ලෙස රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා ලිපියක් යොමු කරමින් සියලු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් අද (17) ඉල්ලීමක් කළේය. 17 March 2023
ගුරු මාරු මණ්ඩලය විසුරවයි අධ්යාපන අමාත්යංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නියෝගකර ඇත. 17 March 2023
ජල සම්පාදන වෘත්තිය සමිති අඛණ්ඩව වෘත්තිය ක්රියාමාර්ගයේ වෘත්තිය ක්රියාමාර්ගවලින් ඉල්ලන කිසිඳු ඉල්ලීමකට බලධාරීන්ගෙන් පිළිගත හැකි ප්රතිචාර නොලැබීම නිසා එම වෘත්තිය ක්රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට තීරණය කළ බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි. 17 March 2023
කොමිසමේ පත්වීමකට ජනක උසාවි යයි ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෙක් ලෙස කුෂාන් ජයසූරිය මහතා පත්කිරීමේදී මුදල් අමාත්යංශයේ ලේකම්වරයා විෂයභාර අමාත්යවරයා සහ පාර්ලිමේන්තුවේ ව්යවස්ථාදායක සභාව නොමග යවමින් මහජන උපයෝගිතා පනත උල්ලංඝනය කර ඇති බවත් එම නීති විරෝධී ක්රියාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බවත් මහජන උපයෝගිතා කොමාසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. 17 March 2023
හිටපු මන්ත්රී ශ්රී රංගාට වරෙන්තු වවුනියාව සෙට්ටිකුලම ප්රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් ප්රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මියයෑම සම්බන්ධයෙන් වවුනියාව මහධිකරණයේ විභාගවන නඩුවකට අදාල සාක්ෂි කරුවන් වෙත බලපෑම් කිරීම හා බියවැද්දීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජේ.ශ්රිරංගා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස වවුනියාව (මන්නාරම* මහාධිකරණ විනිසුරු මොහොමඞ් නිහාල් මහතා වරෙන්තු නිකුත් කළේය. 17 March 2023
තැපැල් ඡන්දය කල් යන හැඩ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්රිකා නොලැබීම නිසා මේ මස අගදී තැපැල් ඡන්දය විමසීම පැවැත්විය නොහැදකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි. 17 March 2023
‘‘ජිට්‘‘ මෙවර බැරිවූ අයට ලබන සැරේ අවස්ථාව සාමාන්ය තොරතුරු තාක්ෂණ විභාගයට මෙවර අයඳුම්කිරීමට නොහැකි වූ සිසුන්ට ලබන වසරේදී එම විභාගයට පෙනී සිටිමට අවස්ථාව ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 17 March 2023
’’ගහපු ඡන්ද පත්රිකා ටිකත් සල්ලි දෙනකම් දෙන්න බෑ’’ දැනට මුද්රණය කර ඇති තැපැල් ඡන්ද පත්රිකාද මුදල් ලබාදෙන තුරු බාරදිය නොහැකි බව රජයේ මුද්රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට අද (17) දැනුම් දුන්නාය. 17 March 2023
බූරු මුණා අත්අඩංගුවට කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය බුරු මුනා නැමැත්තා අවිස්සාවේල්ල ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 17 March 2023
කුරුණෑගල පුංචි මන්ත්රී වාර්ථාවක් තබයි කුරුණෑගල මහ නගර සභා ඉතිහාසයේ එක් දිනක කාලයක් පමණක් නාගරික මන්ත්රී ධූරය හෙබැවූ ප්රථම පුද්ගලයා බවට පත් වෙමින් වාර්තාවක් පිහිටුවීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අබ්දුල් සත්තාර් මහතා විය. 17 March 2023
බොරතෙල් මිල තවත් පහළට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) ඇමෙරිකානු ඩොලර් 70 සීමාවට පැමිණියේය. 17 March 2023
මීනගයා පැටියා අම්මා තාත්තට දෙන්න කියයි මීනගයා දුම්රියේ වැසිකිළිය තුළ දමා ගිය සිඟිති දරුවා ඔවුන්ගේ දෙමව්පියන්ට බාරදෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂකවරයාට අද 17 නියෝග කළේය. 17 March 2023
දිගාමඩුල්ල හිටපු පා.ම. පී.එච් පියසේන අභාවප්රාප්ත වෙයි දිගාමඩුල්ල හිටපු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වරයෙකු වන පී.එච්.පියසේන මහතා අද( 17 ) උදෑසන සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව අක්කරපත්තුව පොලීසිය පවසයි. 17 March 2023
අධිකරණ ඇමැති පොලිසියට දෙහි කපයි සමහර පොලිසි මත්ද්රව්ය සාම්පල එක දිගට විස්ස තිහ වැරදියට එවන තත්වයක් දක්නට ඇති බවත් කුඩු නොවන දේවල් ඉදිරිපත් කර පළි ගැනීමට සමහර පොලිස් නිලධාරීන් බොරු නඩු දානවා යැයි ජනතාව නගන චෝදනාවේ යම් සත්යයක් තිබෙන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 17 March 2023
කැබිතිලේලෑව දරුවන්ට ගුරුන්ගෙන් ඇමක් කැබිතිගොල්ලෑව නගරයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයකට පිරිස වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට කැබිතිගොල්ලෑව ප්රදේශයේ ප්රාථමික පාසල සිසුනට නොමිලයේ ටිකට් ලබා දී මව්පියන්ද සහෝදර සහෝදරියන් ද සමග සංගීත සංදර්ශනය නැරැඹීට පැමිණෙන්නැයි දැනුම් දීමෙන් තමන් අපහසුතාවයට පත්ව ඇතැයි ප්රදේශයේ මව්පියෝ පවසති. 17 March 2023
ලාංකිකයන් 1,678 ක් දින 75 කදී දකුණු කොරියාවේ රැකියාවට මෙම වසරේ (2023) ජනවාරි මාසයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්රී ලාංකිකයන් 1,678 ක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 17 March 2023
මාමා ලේලියගේ රන් මාලය උස්සලා මොනරාගල බටුගම්මන බෝගහඅරාව ප්රදේශයේ නිවසක සිටි අවුරුදු දෙකයි මාස තුනක් වයසැති දැරියකගේ පෙන්ඩනය සහිත රන්මාලය කඩාගෙන පළාගොස් සැඟවී සිටි දැරියකගේ මාමා කෙනෙකු වන ‘පැන්ටා‘ නමින් හඳුන්වන අයෙකු අද (17) මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත. 17 March 2023
මෙහෙකාරිය ලක්ෂ 14ක රන් බඩුවලට විදලා හලාවත අලුත්වත්ත ප්රසදේශයෙ පදිංචි විශ්රා මික ඉංජීනේරුවරයකුගේ නිවසක සේවයක කරමින් සිටි මෙහෙකාරියක් එම නිවසේ තිබු ලක්ෂ 14 ක රන් ආභරණ තොගයක් සොරා ගෙන තවත් පුද්ගයකු සමග එක්වි අෙලවි කර තිබියදි අත් අඩංගුවට ගැනිමට හලාවත මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශ අංශ නිළධාරින් සමත්ව තිබේ. 17 March 2023
නිෂාන් මධුෂ්කට ටෙස්ට් වරම් ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන්හිදී අද (17) පෙරවරුවේ ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේදී යොවුන් පිතිකරු නිෂාන් මධුෂ්ක ශ්රී ලංකාවේ 163 වැනි ටෙස්ට් ක්රිකට් ක්රීඩකයා ලෙස ටෙස්ට් වරම් ලැබීය. 17 March 2023
රාජ්ය වෙසක් උළෙල පුත්තලමට රාජ්ය වෙසක් (2023) මහෝත්සවය පුත්තලම දිස්ත්රික්කයේ පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්යංශය තීරණය කර තිබේ. 17 March 2023
12 දැරියක් 32 තරුණයකු සමඟ කැලෑවෙන් හමුවෙයි අවුරුදු 12ක වයසේ පසුවෙන පාසල් සිසුවියක්සමග වීරපුර ප්රදේශයේ කැලෑවක සිටි තිස් දෙහැවිරිදි පුද්ගලයකු සාලියවැව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 17 March 2023
පළාත් රැසකට සවස් කාලයේ වැස්ස බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, දිස්ත්රික්කවලත් සවස් කාලයේ හෝ රාත්රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 17 March 2023
දිසා දෙකකට නාය යාමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 17 March 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026