කුඩු කිලෝ 500ක් වරායෙන් අල්ලයි පාකිස්තානයේ සිට මුහුදු මාර්ගයෙන් කොළඹ වරායට ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500 කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමත් සමග ඒවා ගෙන් වූ බවට සැකකරන දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 31 August 2026
22 සලකා බලන්න අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් 22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම් පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද ඊට පක්ෂව ද ගොනු කොට ඇති සියලු පෙත්සම් හෙට දින පෙරවරු 10 ට අගවිනිසුරු ප්‍රීතී පද්මන් සුරසේන මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් 31 August 2026
’’22 ගැන අපි මුකුත් කියන්නේ නෑ’’ විසි දෙවන සංශෝධනය මූලික වශයෙන් නීතිය හා අධිකරණය හා සම්බන්ධ කාරණයක් බැවින් ඒ පිළිබඳව අදහස් දැක්වීම තම සංගමයේ විෂය පථයට අයත් නොවන බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 31 August 2026
කොළඹ මහාධිකරණයේ කෑල්ලක් කඩා වැටිලා කොළඹ මහාධිකරණ සහ දිසා අධිකරණ පවත්වාගෙන යන පෞරාණීක ගොඩනැඟිල්ලේ යම් කොටසක් පෙරේදා රාත්‍රීයේ කඩා වැටීම හේතූවෙන් කොළඹ මහාධිකරණයේ සහ දිසා අධිකරණයේ කටයුතු අද අඩාල විය. 31 August 2026
සමෘද්ධි බැංකුව ශක්තිමත්ම ශුද්‍ර මූල්‍ය ආයතනයක් කරනවා සමෘද්ධි බැංකු පද්ධතිය ලංකාවේ ශක්තිමත්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය බවට පත් කිරීම රජයේ ඉලක්කය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවැසීය. 31 August 2026
භාණ්ඩාගාරය පිරුණත් ජනතාවට සහන නෑ ජනතාවගේ බදු මුදල් වලින් මහා භාණ්ඩාගාරය පිරී තිබුණත් ආණ්ඩුව ඒවායින් කිසිම සහනයක් ජනතාවට දෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී අද (31) පැවසීය. 31 August 2026
රවී කරුණානායකට ඇප මුදල් අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා යැයි පවසමින් බඳවාගත් සේවකයන් තිදෙනකුට ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල් වලින් වැටුප් ගෙවා රජයට පාඩු කළේ යැයි අධිකරණයට ඉදිරිපත් කළ හිටපු මුදල් ඇමැති ,පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන්වර්ෂ විතාන මහතා නියෝග කළේය. 31 August 2026
ජපන්-රුමේනියා යන අයට එරට සංස්කෘතිය ඉගෙනුම අනිවාර්යයි ජපානය හා රුමේනියා රැකියා සඳහා පළමු වරට විදේශගත වන ශ්‍රමිකයන් සඳහා පෙර ’විගමනික නම්නිකරණ’’ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 31 August 2026
මැතිසබේ වාහන වෙන්දේසිය කොට උඩ පාර්ලිමේන්තුවේ වාහන 12ක් වෙන්දේසි කිරීමට තීරණය කර තිබුණද මේ දක්වාම එම කාර්යය සම්පූර්ණ කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 31 August 2026
වෛද්‍ය අතරමැදි ශ්‍රේණියක් හදන්න කමිටුවක් වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් (Intermediate Cadre) පිහිටුවීමේ යෝජනාව අධ්‍යයනය කිරීම සහ ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් නිල වශයෙන් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පියවර ගෙන ඇත. 31 August 2026
බඹර ප්‍රහාරයෙන් වතු කම්කරුවන් 17ක් රෝහලට තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (31) දින උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 17 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ 31 August 2026
ජපානයේ ව්‍යාපාරකයන්, ආයෝජකයන් සහ වෘත්තීයවේදීන් පිරිසක් දිවයිනට ලංකාවේ සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජපන් සංචාරකයින් 250ක් දිවයිනට පැමිණි බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. 31 August 2026
ලංකා - නවසීලන්ත යාලුකම සමරන්න ක්‍රිකට් තරඟාවලියක් නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 31 August 2026
අගවිනිසුරුට මැතිසබේ චෝදනා පාර්ලිමේන්තුවේදී අැතැම් මන්ත්‍රීවරුන් අගවිනිසුරැවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ චෝදනා ගැන කිසියම් මූලික පරීක්ෂණයක් හෝ විමසීමක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් හෝ ගෙන තිබේදැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ලිපියක් යවමින් විමසීමක් කරයි. 31 August 2026
අධිවේගයෙන් පසුගිය සතියේ කෝටි 40 ක ආදායමක් දීර්ඝ නිවාඩුවක් යෙදුණු පසුගිය 24 වැනිදායින් ආරම්භ වූ පසුගිය සතිය තුළ පමණක් අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 40කට අධික ආදායමක් ලැබී ඇති බවත් පසුගිය මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා දින පහක නිවාඩු කාලය තුළ පමණක් අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් කෝටි 35කට අධික වාර්තාගත ආදායමක් ලැබුණු බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය. 31 August 2026
ජල ගැල්මට බිලිවුණු ගණන 919 ක් නේපාල - ටිබෙට් දේශසීමාවේ ඇතිවූ හදිසි ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 4,700කට අධික පිරිසක් තවමත් අතුරුදන් බව පැවැසෙයි. 31 August 2026
පාන් මිල රුපියල් 10 කින් ඉහළට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්. කේ. ජයවර්ධන මහතා පැවසීය. 31 August 2026
රවී කරුණානායක අත්අඩංගුවට හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද දහවල් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත්තේය. 31 August 2026
කුරුණෑගල විරෝධයක් කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රජා සවිබලගැන්වීමේ නිළධාරින් සහ වයඹ පලාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිළධාරින් ඇතුලූ පිරිසක් අද දහවල් කෑම පැයේදී කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ . 31 August 2026
යෝෂිත - ඩේසි ෆොරස්ට් පූර්ව නඩුවට දින දෙයි වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 06 කට ආසන්න මුදලක් ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාට සහ නැන්දම්මාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා අද (31) තීරණය කළේය. 31 August 2026
ඇමෙරිකාව ඉරානය යළි පැටලෙයි ඉරානයට අයත් ලාරක් දූපතේ, ඉරාන විප්ලවීය හමුදාවේ, රොකට් විදින යන්ත්‍ර දෙකකට ඇමෙරිකන් හමුදා ප්‍රහාර එල්ල කිරීමත් සමග, ඇමෙරිකාවත් ඉරානයත් අතරේ යළිත් වරක් ගැටුම් හටගත්තේය. 31 August 2026
හැන්කොක් රජු ජාතිය අමතයි පියාණන්ගේ අභාවයෙන් පසු කිරුළ හිමි නෝර්වේ රාජ්‍යයේ හෝකොන් රජු ජාතිය ඇමතුවේය. 53 හැවිරිදි හෝකොන් රජු ප්‍රකාශ කළේ, පියාණන් වෙනුවෙන් ඕස්ලෝ නුවර රාජකීය මාළිගය ඉදිරිපිට රැස්වූ දහස් සංඛ්‍යාත ජනතාව දැක්වූ ගෞරවය සහ ආදරය තමන්ට මහත් අශ්වැසිල්ලක් මෙන්ම ශක්තියක් වූ බවය. 31 August 2026
සැබෑ සතුරා හඳුනාගන්න - ඉරාන නායක මොජ්තබා මුහම්මද් නබි නායකතුමාගේ උපන්දිනය වෙනුවෙන් සිය නිල වෙබ් අඩවිය ඔස්සේ ලිඛිත පණිවිඩයක් නිකුත් කරමින් ඉරාන උත්තරීතර නායක මොජ්තබා කමේනි සඳහන් කර ඇත්තේ, මුස්ලිම් ජාතීන් මුහුණ දෙන ගැටලුවලට එකම විසඳුම අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ සමගිය බවය. 31 August 2026
නාසා අලුත්ම දුරේක්ෂය අභ්‍යවකාශයට විශ්වයේ අබිරහස් සෙවීමේ අරමුණින් නිර්මාණය කළ අති නවීන තාක්ෂණයෙන් සමන්විත ‘නැන්සි ග්‍රේස් රෝමන්’ නමැති අභ්‍යවකාශ දුරේක්ෂය අභ්‍යවකාශයට මුදා හැරීමට ඇමෙරිකාවේ නාසා ආයතනයට හැකි විය. 31 August 2026
උස්බෙකිස්තානයෙන් ඉන්දියාවට යුරේනියම් දෙරට අතර උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මධ්‍යම ආසියාවට අයත් රටක් ලෙස සැලකෙන උස්බෙකිස්තානයේ සංචාරයක නියැලුණි. 31 August 2026
නේපාල ව්‍යසනයට හේතුව ගෝලීය උණුසුම ඉහළ යෑම නේපාලයේ සහ චීන පාලනය යටතේ පවතින ටිබෙටයේ ජීවිත බිලිගත්, ග්ලැසියර් කඩා වැටීම සහ හදිසි ජල ගැල්මට හේතුව, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම යැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති. 31 August 2026
දරුවන් බේරාගත් විදුහල්පති නේපාලයේ මහා ජල ගැලීම හමුවේ, විදුහල්පතිවරයකුගේ ක්ෂණික තීරණයක් නිසා පාසල් සිසු දරු දැරියන් 900 දෙනකුගේ ජීවිත නූලෙන් බේරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 31 August 2026
කුරුණෑගලට වල් අලි පනිති වන අලියන් තිදෙනකු කැලෑව මඟහැරී අතරමං ව අද (31) කුරුණෑගල නගරයට යාබද උයන්දන ප්‍රදේශයට පැමිණ පුද්ගලයන් දෙදෙනකුට පහරදී ඇතැයි පොලිසිය කියයි . 31 August 2026
රවී අල්ලස් කොමිසමට එයි හිටපු අමාත්, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණියේය. 31 August 2026
පමුණගම මුහුදේ අතුරුදහන් තිදෙනකුගේ සිරුරු හමුවේ පමුණුව ඈපාමුල්ල මුහුදේ අතුරුදන් වූ මවගේ සහ දැරියන් දෙදෙනකු ගේ සිරුරු හමුවූ බව පොලිසිය කියයි. 31 August 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026