උලලේනෝ කිලිනොච්චි ඉරණමඩු වැව අවට පදිංචි යුද්ධයෙන් විපතට පත් ගොවින්ගේ ගොවිතැන ඇතුළු ජීවනෝපායන් නංවාලීමේ වැඩ මුළුවේ ආරම්භක සැසිය මෙහෙය වූ සෙනරත් තොසපාල තේ විවේකයේ දී හංස ලංකා පදනමේ පහත මාලයට පිවිසියේ මිතුරු සමාජ විද්‍යාඥ නන්දන ඩේවිඩ් මුණගැසෙන අදහසිනි. 24 December 2024
මඟුල කෙසේ වෙතත් මංගල්‍යයට දෙපාර්ශවයෙන් ම කැමැත්ත ලැබිණ. ඊ ළඟ සති අන්තයේ ම සුරංගත්, වත්සලාත් නැකැත් බැලීම සඳහා පිටත්ව ගියේ එවැනි කටයුත්තක් පවා මවුපියන් වෙතින් බලාපොරොත්තු විය නොහැකි බැවිනි. 17 December 2024
තොරොක්කෝව ඔඩවාරා සහ අතමි අතර කුඩා දුම්රිය මාර්ගයේ වැඩ පටන් ගන්නා විට ර්යෝහෙයි ගේ වයස අවුරුදු අටකි.ර්යෝහෙයි සෑම දිනකම කම්කරුවන් වැඩ කරනු බැලීමට නගරාන්තයට ගියේය. 10 December 2024
අලුත ගෙනා මනාලිය යාබද නිවෙසේ සිටින නීතීඥ වර්මා මහතා අද විවාහ වෙයි. මම දොම්නසට පත්වී සිටිමි. ඔහු සමග රණ්ඩුවක් ඇද ගැනීමට මට වුවමනාය. ඇතැම්විට එය මට සහනයක් ගෙන දෙනු ඇත. කාරණාව වන්නේ මා තවමත් අවිවාහකව පසුවීමත්, ඒ සම්බන්ධයෙන් මා දැඩි ලෙස සංවේදී වීමත්ය. 03 December 2024
උඩුකබාය ජනවාරි මාසයේ එක්තරා සැඳෑවක, මෝල් මාවත දෙසට දිවෙන ඩේවිස් පාර දිගේ ඇවිදගෙන ආ ජේත්තුකාර තරුණයෙක් චාරිං ක්‍රොස් වීදියට හැරුණේය. ඔහුගේ සිනිඳු හිසකේ දිලිසුණු අතර කොපුල්වල දෙපැත්තේ මනාව වැවූ රැවුළු විය. ඔහුගේ තුනී උඩුරැවුල පැන්සලකින් ඇන්දාක් මෙන් වූයේය. 26 November 2024
මාරියෝ එය සිදු වූයේ මෙන්න මේ විදියටය. ෆිලොමෙනා නින්දේ සිටියදී උදේ පාන්දර අවදි වූ මම මගේ ආයුධ මල්ලත් රැගෙන හඬක් නොනගාම නිවෙසෙන් පිටවීමි. මොන්තෙ පරියෝලිවල ග්‍රාම්ස්කි පාරේ තිබූ කාන්දු වන බොයිලේරුවක් අලුත්වැඩියා කිරීමට මට සිදුවී තිබුණේය. 19 November 2024
විමානය ගිනි අරන් අප්සරා එක විටම ත්‍රි රෝද රථයෙන් බහින්නේ නැතිව හොඳින් වට පිට බැලුවා.පොලිසිය මිදුලේ කිහිපදෙනෙක් ගැවසෙනව පෙනුණත් අඳුරන මුහුණක් නම් ඒ අතර පෙනෙන්න තිබුණේ නැහැ.මුදල් ගෙවලා ඉක්මනින් ත්‍රි රෝද රථයෙන් බැහැ ගත්ත අප්සරා අඩියට දෙකට ගේට්ටුවෙන් ඇතුළු වුණා.දන්න කියන කෙනකුට වුණත් දැන් නම් අප්සරාව අඳුනගන්න අමාරුයි. 12 November 2024
බස් සීට් එක මං මගේ ජීවිතේ මෙතෙක් විඳපු ආස්වාදජනකම දෙතොල් හාදුව මට දුන්නෙ භාග්‍යා. එතකොට අපි දෙන්නම කැලණි කැම්පස් එකේ. තර්ඩ් ඉයර්. මං කළේ මාස් කොම්. භාග්‍යා කළේ බීකොම්. කොම් - කොම් දෙතොල් පටලැවිල්ලක්. 05 November 2024
කෙවිලිය සහ රෝස මල ඈ මා සමග නැටුමට එන බව කීවේ, ඇයට රතු රෝස මලක් ගෙනාවොත් විතරයි ’’ තරුණ ශිෂ්‍යයා හඬ ගා තමාම ඇමතීය. ’’ නමුත් මගේ ගෙඋයනෙ රතු රෝස මල් නැහැ ’’ අසල ඕක් ගසෙහි වූ කෙවිලිය ඇගේ කුඩුවේ සිට ඔහුගේ වදන් වලට සවන් දුන්නාය. ඇය කොළ අතු අතරින් පිටත බලා විස්මයට පත් වුවාය. 29 October 2024
අවසන් නෞකාව ක්ෂේමභූමිය බලා යාත්‍රා කරන අවසන් නෞකාව වරායෙහි නැංගුරම්ලා තිබිණි. ධවල පැහැගත් නෞකාව මෙවෙලෙහි සංඛයක පැහැගත්තේ මනාව සංවිධානය කරන ලද නගරෙක ඒසිකා ටැඹක් මෙන් නෞකාව මතින් ඉහළට නැගුණ සුවිශාල කුඹගසට සම්බන්ධ කර තිබෙන්නා වූ විදුලි ආලෝක ධාරා පහකින් නැගෙන දීප්තිමත් කහ පැහැති ආලෝකය නිසාවෙනි. 22 October 2024
මත්වීම ’’ඒක හොඳ ප්‍රශ්නයක්. ටිකක් කල්පනා කරල බුද්ධිමත් උත්තරයක් දෙන්න ඕනැ. ඔයා මට ඊ - මේල් එකකින්වත් දැන්නුව නම් අන්තර්ජාලයට ගිහින් හරි අධ්‍යයනක් කරල හොඳ උත්තරයක් හදල තියන්න තිබුණ..... 15 October 2024
නුගගස සේගු අහවල් කාරියක් ද උඹ ඔතන කරන්නේ?” යි ගඟේ දිය නාමින් සිටි ඔස්මන් කෑගසා ඇසුවේ ය. කළු ගඟත්, ප්‍රධාන මාර්ගයත් අතර අඩි විසිපහකට ආසන්න යැයි සිතිය හැකි පටු බිම්තීරයක වූ තම නිවෙස ඉදිරියේ වළක් හාරමින් සිටි සේගු මිතුරාට පිළිතුරක් දීම වෙනුවට කළේ තමා කරමින් සිටි කාර්යය වේගවත් කිරීම ය. 08 October 2024
කවටයා ඒ ශිත සෘතුවේදී අත්හදා නොබැලූ කුමන ආකාරයක හෝ රැකියාවක් නොමැත යන අදහස ඇතිව ගීත ගායනා කළ මගේ මිතුරකු සමග ගිටාරය වයමින් ආපන ශාලාවල ඇවිදීමට පටන් ගත්තෙමි. 01 October 2024
සූදුරු අබා මං වැඩට යන්නෙ කළුතරින් හතට පිටත් වෙන කෝච්චියෙ. කොවිඩ්වලට කලින් කාලේ කෝච්චියට කිව්වෙ මීගමුව කියලා. දැන් ඒක යන්නෙ මරදානට විතරයි. ඒ නිසා ඒක නිකම්ම හතේ කෝච්චිය. 24 September 2024
මෝනාලීසාට රැවුලක් ’’ මගේ හබියා ස්වර්ණ පුස්තක අවසන් වටයේ පොත් දහයම මට ගෙනත් දුන්නා. අපේ ඇඳ ගාව මේ බලන්ඩකො.’’ 17 September 2024
එක්ටැමෙන් පොළොවට ඔයා තාම එක්ටැම් කල්පනා ලෝකයක ජීවත් වෙන බවයි මට ඔයා ගෙ ලියුමෙන් පෙනෙන්නෙ. නැති වී ගිය පෙම් සබඳකම්. ගත කළ සුන්දර අතීතය. ඕව මතක් කර කර වර්තමානයේ ඇති දුක් කම්කටොලු අමතක කරන්න හැදීමෙන් ඇති පලේ මොකක් ද ? 10 September 2024
ඔට්ටුව The Bet මෙය සරත් සමයේ එක් රාත්‍රියක් විය. විශ්‍රාමික බැංකුකරුවකු තම මතකයන් අතරින්, වසර පහළොවකට පෙර, ඔහු තවත් එක් සරත් සමයේ දිනෙක, එක්තරා සාදයක් ලබා දුන්නේ කෙසේද යන්න සිහිපත් කරයි. එහි බුද්ධිමත් පිරිමි බොහෝ දෙනෙක් සිටියහ. 03 September 2024
පළිගැනීම සීනුව නාද විය. නිවසේ ස්වාමි දුව වන පෙට්රොව්නා ඇල වී සිටි සෝපාවෙන් වහා නැගිට, ඒ තම සැමියා වන්නට ඇතැයි සිතමින් දොර විවෘත කිරීමට දිව ගියාය. 27 August 2024
උමතු හාවෝ දෙන්නෙක් ඒ හාවා ආවෙි දකුණු පැත්තෙන්. බී හාවා ආවෙි වම් පැත්තෙන්. නුගේගොඩ හන්දියේදි දෙන්නා එකට හම්බ වුණා. ගුවන් පාලම යට, වෙහිකල් පාර්ක් එකේ, විටක් හප හප හිටිය ටිකට් කඩන නාකි ගෑනියෙක් ’චපස්’ ගාල කණුවක් මුලට රතු පාට කෙළ පාරක් විදින ගමන් දෙන්නා දිහා බැලුවෙ රවල වගේ. 20 August 2024
වැලපීම ඇඳිරි යාමයයි. නොබෝ වේලාවකට පෙර වීදියේ දැල්වුණු පහන් සිසාරා ඝන හිමකැට වැටෙමින් ගෙවල්වල පියසිත්, අශ්වයන්ගේ පිටවලුත්, මිනිසුන්ගේ උරහිස් හා හිස් වැසුමුත් වසාගෙන තුනී තට්ටුවක්ව පවතී. 13 August 2024
කාබුලිවාලා - රබීන්ද්‍රනාත් ඨකුර් මගේ පස් හැවිරිදි දියණිය මිනිට විනාඩියක්වත් කතා නොකර ඉන්නට නම් නොහැකිය. ලෝකයට පැමිණීමෙන් පසු ඇයට කතා කිරීමට ඉගෙන ගැනීමට වසරක් ගත වූ අතර, ඉන් පසු ඇය අවදි වූ වේලාවෙන් විනාඩියක්වත් නාස්ති කර නැත. ඇගේ මව බොහෝ විට ඇයට බැණ වදින අතර ඇයගේ කට වසා තබයි. නමුත් මට එය කළ නොහැකිය. මිනි නිශ්ශබ්දව සිටින විට, එය දරාගත නොහැකි තරමට අස්වාභාවික ය.ඒ නිසා ඇය මා සමඟ කතාබස් කරන්නේ නම් වඩා කැමැත්තෙමි. 06 August 2024
අළු වී ගිය අලුයම අපි එකිනෙකාට ඉතා ළංව වැතිර සිටියෙමු. බිම මත වූ සීතල තෙත් බව හෝ තද ගතිය අපට දැනුණේවත් නැත. 30 July 2024
පෙම්වතකු නැති පෙම්වතියගේ පෙම්පත් පහත සඳහන් කථාන්දරය වරක් මට පැවසුවේ මා දන්නා හඳුනන කෙනෙකි. 23 July 2024
කාම ඊර්ෂ්‍යා සැපිනියගේ සාපය ගෞරී පැරණි ධනවත් පවුලක මුදු මොළොක් ලෙස ඇති දැඩි වූ රූමත් දැරියක් වූවාය. ඇයගේ ස්වාමි පුරුෂයා වන පරේෂ්, බලවත් උත්සාහය නිසා ම මෑතකදී අගහිඟ අමාරු තත්වයෙන් මිදීමට සමත් වූයේය. 16 July 2024
නූල් කෑල්ල දවස අඟහරුවාදා බැවින් ගොදාවීලාහි ගොවියෝ අඟහරුවාදා පොළට සිවු දිගින් ම රැස් කමින් සිටියෝ ය. ගොවියන් ඉතා හෙමිහිට ගමන් කළේ සතිය පුරා කුඹුරේ ගොවිපළේ බර වැඩ කිරීමෙන් ලද, තෙහෙට්ටුව නිසාය. 09 July 2024
මනමාලයා ඔහු නමින් දාසි විය. එවැනි පටු උස් හිසක්, පිටතට නෙරූ දෑසක්, මහත ගෙලක් සහ මස් පිඬු පිරුණු සිරුරක් තිබුණු තවත් විරූපී අයකු ඒ ප්‍රදේශයේ කොතැනක වත් නොවිණි. දෙවියන් විසින් ඔහුට චතුර බිනීමක් ලබාදී තිබුණේ ද නැත. 02 July 2024
බල්ලා කැටුව යන කාන්තාව මහුදු තීරය අසල පෙදෙසෙහි කිසි යම් ආගන්තුක තැනැත්තියක - එ නම් කුඩා බල්ලකු කැටුව යන එක් කාන්තාවක දකින්නට ලැබුණ බවක් පැතිර ගියේ ය. 25 June 2024
සුන්නද්දූලි ඉපිටහ ෆැක්ටෙිරිය තවමත් හුචු හුචු ගානවා. මේ තට්ටු ගෙදර ඔළු පන්සීයක මොළයේ උඩම තට්ටුවේ වුණත් අපි ඉන්නේ හැමදාම උදේට ඇහැට කපුටු කාක් කාක් එක වගේ මට ඕක දැනටමත් කරච්චලයක් වෙලා.සිරිනාග! කම්මලේ බල්ලා වගේ!සොහොනක් වගේ සැප නින්දේ ! මගේ මස් හොද්දෙ සුවඳටවත් ඇහැරුණේ නැද්ද? 18 June 2024
කළුවරට බය කාමරේ ඇතුළෙ මම කසාද බඳින්න තීරණය කළේ රෑට කළුවරේ තනියම නිදාගන්න තියෙන බය නිසා. ඒ බය පොඩි කාලේ ඉඳං මට අම්මලාගෙන් ලැබුණ දායාදයක්. මට විතරක් නෙවෙයි, මං දන්න - නොදන්න ගොඩක් අයට ලැබෙන තෑග්ගක් ඒක. හබුං කන්නෙ නැති වුණාම බිල්ලො අල්ලගෙන යයි කියන එකේ ඉඳල තව හොල්මන් - අවතාර කතා අටෝරාසියකින් ඒගොල්ලො මුලදිම අපිව බය කරනව. ඉතිං අපි බයටම හබුං කනව. හැබැයි බඩ පිරුණට වැඩිහිටියො වුණාට පස්සෙත් ඒ සමහර දේවල් වෙනුවෙන් ලොකු ලොකු වන්දි ගෙවන්න සිද්ධ වෙනව. 11 June 2024
ලොකු දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ..! මිනිහා ලේ විලක් මැද පාවෙමින් හිටියේ. කුණු ලේ පාට විලේ මිනිහ පීනන්න ට්‍රයි එකක් දෙමින් හිටියේ. ඉහ මත්තට ඝන ඇළෙන ලේ; අතත් පයක් හොල්ලගන්න බෑ හොල්ලන්න හිතුවට; පීනනවා කියලා හිත සැලුණට මිනිහගේ ගත එතනමයි, යට යනවා උඩ එනවා සුදු පාට ගුලියක් වගේ ඈතට මිනිහව! 04 June 2024
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026