සයිනෝෆාම් එන්නත් ලක්ෂ 40ක් කටුනායකට
ශ්රී ලංකාවේ එන්නත්කරණය සදහා චීනයෙන් මිළදී ගත්, රට නිෂ්පාදිත ’’ සයිනොෆාම් ’’ එන්නත් ,තවත් මාත්රා ලක්ෂ 40 ක් (මිලියන 04 ) බෙයිජිං නුවර සිට , ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.