ශ්රී ලංකා රග්බි සේවකයන් භය කරන්න එපා ශ්රී ලංකා රග්බි ආයතනයේ සේවය කරන ස්ථිර සේවයන් දුරකථනය හරහා බයගැන්වීම නොකරන ලෙස ක්රීඩා අමාත්යවරයා පත් කළ රග්බි ස්ථායීකරණ කමිටුවට ශ්රී ලංකා රග්බි විධායක අධ්යක්ෂ හසන් සිංහවංශ මහතා දැනුම් දී තිබේ. 17 May 2023
හැරිසන් හඬ පට එළියට දාන්න සැරසෙයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා තම බිරියට සහ සහෝදරයාට කතා කොට තමාට පක්ෂයෙන් යන්න දෙන්න එපා යැයි කන්නලව් කළ හඬ පට විපක්ෂ නායකවරයා කැමති නම් එළියට දැමීමට සූදානම් බව සමගි ජන බලවේගයේ හිටපු උප සභාපති පී. හැරිසන් මහතා මාධ්ය හමුවකදී පැවසීය. 17 May 2023
උතුරට නූල් කම්හල් පහක් එරාවුර් නගරයේ නූල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා පහක් ස්ථාපිත කිරීමට නියමිත අතර එමගින් නව රැකියා අවස්ථා 20000 ක් ඇතිවන බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ ප්රධාන ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසීය. 17 May 2023
හමුදා සෙබළියෝ විරෝධතාවක කොකාවිල් සිට වව්නියාව මැදවච්චියට ලබා දී ඇති ස්ථාන මාරුවකට එරෙහිව කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් සෙබළියන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන් කඳවුර අසල මාර්ගයේ සිට ඊයේ (16) සිට විරෝධතාවක් ආරම්භ කර ඇත. 17 May 2023
දොඩම්පහල මහ නා හිමිගේ ආදාහන පූජෝත්සවය ඉරිදා දොඩම්පහල චන්දසිරි අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්රයේදී ලබන 21 වැනිදා ඉරිදා පැවැත්වේ. 17 May 2023
දැන ගියොත් පාස්පෝට් නොදැන ගියොත් පූස්පාට් දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමෙන් තොරව විදේශ ගමන්බලපත්රය ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය පැමිණීමෙන් ජනතාවට දින කීපයක් එහි පෝලිමක රැදී සිටීමෙන් එම පරිශ්රයෙන් පිටත අද (17) පස්වරුව වන විට තබදබදයක් නිර්මාණය වී තිබුණි. 17 May 2023
කුරුඳු සොරා වහලෙන් වැටෙයි සොරකමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනිමට ගිය සැකකරු නිවසේ වහලට නැග බිමට පැන පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ වහලෙන් බිමට වැටි තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කළ බව ඉමදුව පොලිසිය පවසයි. 17 May 2023
තෙල් ඉල්ලා තග දැමූ දොස්තර ගුටිකා රෝහලේ කිව් ආර් කේතයට ඉන්ධන ලබාගැනීමට යාමේදී වෛද්යවරයෙකුට පහරදුන් පොම්ප කරුවෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 17 May 2023
කොන්දොස්තර හොරකමේ ගිහින් මාට්ටු ත්රීරෝද රථයක යමින් කොළඹ අවට සුපිරි වෙළඳසැල්වල විදුලි ජනන යන්ත්රය වල සවිකර තිබූ බැටරි සොරා ගැනීමට පුරුදුව සිටි පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු අද (17) දා අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි . 17 May 2023
පාසල් ගිය දරුවාගේ සපත්තුවක් ගලවාගෙන දුවලා උදෑසන පාසල් යමින් සිටි දොළොස් හැවිරිදි සිසුවාගේ සපත්තුවක් පා පැදියක නැගී පැමිණි නාඳුනන පුද්ගලයෙකු බලහත්කාරයෙන් ගලවාගෙන ගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි. 17 May 2023
මහ ලේකම්ට තුති පුදන්න විවාදයක් ලබන 22 වැනිදා විශ්රාම යෑමට නියමිත පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය අගය කිරීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය. 17 May 2023
ටෝනි හසන් අභාවප්රාප්ත වෙයි ජනප්රිය සහ ජ්යෙෂ්ඨ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්රාප්ත විය. 17 May 2023
නව ආණ්ඩුකාරවරු දිවුරති වයඹ ,උතුර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනා මීට සුළු මොහොතකට පෙර පත් කරන ලද බව ජනාධිපති කාර්යාලය පවසයි. 17 May 2023
හොරෙන් රට පනින්න ගිය ග්රාම නිලධාරි ඇතුළු 11කට වැඩ වරදී ව්යාජ ලියකියවිලි ඉදිරිපත් කර ජෝර්ජියාවට යාමට උත්සහ කළ බව කියන ග්රාම නිලධාරී වරයෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් නම දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රහස් පොලීසියේ කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ. 17 May 2023
මත් ජාවාරමක වැලක් මාට්ටු අයිස් මත් ද්රව්ය බෙදා හැරීමේ ජාලයක සාමාජිකයන් බව කියන බන්ධනාගාර ජේලර්වරයකු ඇතුලු 11 දෙනකු සමග අයිස් මත් ද්රව්ය ග්රෑම් 25 අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 17 May 2023
සැකකරු බලා නොගත් පීසිගේ වැඩ තහනම් හෙරොයින් ළග තබා ගැනීම සහ වරෙන්තු කිහිපයකට අදාළව තලංගම පොලිසිය මගින් තලවතුගොඩ ප්රදේශයේ අත්අඩංගුවටගෙන සිටි සැකකරුවෙක් පොලිස් ජිප් රථයෙන් පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල් වරයෙකු ගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි. 17 May 2023
පිය - පුතු දෙපළ ජිප් රියට බිලි මධ්යම පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයකු පැදවූ ජිප් රථයක ගැටුණු පිය පුතු දෙපොළක මියගිය බව මහනුවර පොලිසිය කියයි. 17 May 2023
ඒ.ටී.එම්. යන්ත්රය කඩන්න බැරි වේ වීරවිල නගරයේ සවි කර ඇති රාජ්ය බංකුවට අයත් ඒ.ටී.එම් යන්ත්රයක් කඩා මුදලි ලබාගැනීම කළ උත්සහායක් පොලිසිය නිසා වැලකී ඇත. 17 May 2023
තැනින් තැනට අදත් පොඩි වැස්සක් බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්යම සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව්, වවුනියාව සහ පොලොන්නරුව දිස්ත්රික්කවලත්දි සවස් කාලයේ හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 17 May 2023
පොල්තෙල් ව්යාපාරිකයා වෙඩි තබා මරලා පදවිය මහසෙන්පුර ප්රදේශයේ නිවසකට පැමිණි පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් සුළු ව්යාපාරිකයකු වූ 38 හැවිරිදි දෙදරු පියකු මියගොස් ඇතැයි පදවිය පොලිසිය පවසයි. 17 May 2023
අලුත් ආණ්ඩුකාර තනතුරුවලට නම් තුනක් ? උතුර සහ නැගෙනහිර සහ වයඹ පළාත් වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හෙට (17) පෙරවරුවේ දිවුරුම් දෙති. 16 May 2023
මෝටර් රථයෙන් ආ මාරයා සිසුවා ඩැහැ ගනී ඉපලෝගම මහඉලුප්පල්ලම ප්රදේශයේදී මෝටර් රථයක් හා පා පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවකු එම ස්ථානයේදීම ජීවීතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 16 May 2023
ඉඩම් ආරවුල ඝාතනයකින් අවසන් වේ ඉඩමක් සම්බන්ධව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් බෙලිඅත්ත වැවහේන ගලගම ප්රදේශයේ පුද්ගලයකු කපා කොටා මරාදමා ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 16 May 2023
වසර 33 කට පෙර ඝාතනයක සුලමුල ටික ටික එළියට අනියම් සැමියා සමග එක්ව ඝාතනයට කළ බව කර වළ දැමූ ස්ථානයේ සිදු කළ කැනීම්වලදී ඝාතනය ලක් වූ ජිනදාස නැමැත්තාගේ බවට සැලකෙන අත්පාවල අස්ථි කොටස් කිහිපයක් දත් කිහිපයක් ද ඇඳුම් කැබලි කිහිපයක් හමු වූ බව පොලිසිය කියයි 16 May 2023
කළුතර සිද්ධියේ සැකකරුවන් හමුවන්න සී.අයි.ඩීය යයි කළුතර නගරයේ ලැගුම් හලකට ගොස් සිටියදී එහි පස්වන මහලින් වැටී 16 හැවිරිදි පාසල් දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින ප්රධාන සැකකරු ඇතුලු සැකකරුවන්ගෙන් සිව්දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි දිනවල කළුතර බන්ධනාගාරයට ගොස් සිද්ධියට අදාල ප්රකාශ ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 16 May 2023
විදුලි ත්රිවිල් බලන්න ඇමැති බන්දුල යයි ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, විදුලි ත්රිරෝද රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 16 May 2023
ඉන්දීය නාවික හමුදා නෞකාවක් ත්රිකුණාමලයට ඉන්දීය නාවික හමුදාවේ ‘අයි.එන්.එස්. බට්ටි මල්ව්’ නැමැති නෞකාව නිල සංචාරයක් සඳහා අද (16) ත්රිකුණාමලය වරායට සේන්දු විය. 16 May 2023
ගෝඨාට බෝම්බ ගැසුවැයි කී ඉංජිනේරුවා නිදහස් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ව සිටියේ දී කොල්ලුපිටිය පිත්තල මංසන්ධියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට කුමන්ත්රණය කළ බවට චෝදනා කරමින් වසර 17 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටි කොටි සාමාජිකයකු බව පවසන ඉජිනේරුවරයකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (16) නියම කළේය. 16 May 2023
සිසුවා තරුණියන් රවටා නිරුවත් ෆොටෝ ගෙන්වා ගෙන ප්රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නමින් ව්යාජ ලෙස වට්ස්ඇප් ගිණුම් දෙකක් සකස් කර නිරූපණ ක්ෂේත්රයේ රැකියා ලබාදෙන පවසා රූමත් ලාබාල තරුණියන්ගේ නිරුවත් ඡායාරූප උපක්රමශීලීව ගෙන්වා ගත් පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්ය අපරාධ විමර්ශන අංශය කියයි 16 May 2023
සජබ ජනපති අපේක්ෂක සමගි ජන බලවේගයේ මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පක්ෂ නායක සජිත් ප්රේමදාස බවට අද(16) රැස්වූ එම පක්ෂයේ කෘත්යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරනු ලැබීය. 16 May 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026