මෛත්‍රී පොටකට සැරසෙයි තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 31 January 2023
ණය පදනම මත දරණ වියදම් පෞද්ගලිකව ගෙවන්න ණය පදනම මත භාණ්ඩ/සේවා ලබා ගැනීමෙන් වලකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය. 31 January 2023
හම්බන්තොටට විදුලි ගබඩාවක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවලදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා විදුලිය ගබඩා කර තබාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 31 January 2023
රජයේ වියදම් කපා හරින්න ජනපතිගෙන් උපදෙස් 2023 ජනවාරි මස රාජ්‍ය ආදායම මාසික වියදම් ඇස්තමේන්තුවලට වඩා බෙහෙවින් අඩු වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය. 31 January 2023
සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධනය කිරීමට අමාතඨ මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 31 January 2023
කරුට ’ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය දෙන්න අනුමැතිය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාධි ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන ’ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය මෙවර ජාතික නිදහස් දිනය නිමිත්තෙන් හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත. 31 January 2023
බූරුවා ගැසූ හමුදාවේ හතරක් ඇතුළු 15ක් මාට්ටු බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ කාලයක් තිස්සේ සංවිධානාත්මකව පවත්වාගෙන ගිය මහා පරිමාන සූදු පොළක් වටලා යුද හමුදා නිලධාරින් සිව් දෙනකු ඇතුළු 15 දෙනකු අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 31 January 2023
බොක්කේ පීඩනය නිසා මුහුද රළු වේ නිරිතදිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 January 2023
නිධන් හාරන්න පී.සී ගෙන් ආරක්ෂාව පූඩළුඔය පුසුල්පිටිය විහාරස්ථානයේ පිටුපස නිදන් හාරමින් සිටි පොලිස් සැරයන්වරයකු ඇතුලු සිව් දෙනකු අත්තඩංගුවට ගත් බව පූඩළුඔය පොලිස් ස්තානාධිපති සුගත් විජේසුන්දර මහතා පවසයි . 31 January 2023
ඇන්තූරියම් - අන්නාසි නව ප්‍රභේද කුලියාපිටිය මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් නව දෙමුහුන් ඇන්තූරියම් විශේෂ 44ක් හා අන්නාසි ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබේ. 31 January 2023
සජබ ප්රචාරක රැස්වීමක් මතුගමදී සමගි ජන බලවේගයේ මැතිවරණ ප්රචාරක රැස්වීමක් විපක්ෂ නායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වෙයන් මතුගම ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. 30 January 2023
අයියා මලෝ තිදෙනාට කසිප්පු පොවලා හම්බන්තොට බැල්ලගස්වැව ප්‍රදේශයේ පුද්ගලයකු බාල වයස්කාර සහෝදරයන් තිදෙනකුට කසිප්පු පොවා ඇතැයි හම්බන්තොට වරාය පොලීසිය කියයි. 30 January 2023
ගොඩ ආ මිනිමුතු මෝරා මාදැලකට හසුවි නාවක්කාඩු වෙරළකට ආ දැවැන්ත මීනිමුතු මෝරකු නාවික හමුදා වෝටර් ජේට් යාත්‍රාවකින් ධීවරයන්ගේ සහයෝගයෙන් නැවත මුහුදට යැවිමට කටයුතු කළ බව නොරෝච්චෝල පොලිසිය 30 කියයි. 30 January 2023
මානව හිමිකම් කොමිසම උසාවි යයි උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට මානව හිමිකම් කොමිසම කළ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අපහාස කළැයි චෝදනා කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇති පැමිණීල්ල ඉදිරි කටයුතු සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු අද යොමු කළේය. 30 January 2023
බොලිවුඩ් තරු හරීන් හමුවට බොලිවුඩයේ සිනමාවෙිදීන් වන සංජය කපූර්, චුන්කි පාන්ඩේ සහ සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් කොළඹදී සිදුවිය. 30 January 2023
ජාජබ රැලියට මහ සෙනඟක් ජාතික ජනබලවේගය සංවිධානය කළ ජනතා රැලියක් අද සවස අම්බලන්තොට ජනතා ජනතා අම්බලන්තොට නගරයේ දී පැවැත්විණි. 30 January 2023
කැළණි වැලි මාර්ගයේ රියදුරුට හෝල්ට් අමතක වෙයි කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (30) පස්වරු 04.00 ට කොස්ගම බලා ධාවනය වූ දුම්රිය රියදුරුට කිරුලපන දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කිරීමට අමතක වීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වූහ. 30 January 2023
උසස් පෙළ සිසුන්ට එළිය දෙන්න සැලසුමක් උසස් පෙල විභාගය පැවත්වෙන පෙබරවාරි 17 වැනිදා දක්වා අඛන්ඩව විදුලි සැපයුමට ජල බලාගාර ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රමාණවත් ජලය සැපයීම සම්බන්ධයෙන් ජල කළමනාකරණ කාර්යාලය පෙබරවාරි 1 වැනිදින නැවත රැස්වී තීරණය කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 30 January 2023
සංස්කෘතිය රකින්න ජනාධිපති අණින් පියවරක් සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට උපදෙස් දුන්නේය. 30 January 2023
අධිකරණ දෙකකට විනිසුරුවරුන් තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අද (30) හිමිවී ඇත. 30 January 2023
කැමරා අධ්යක්ෂ දැරියට අමුතු පින්තූරයක් පෙන්නලා හෝමාගම මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි දස හැවිරිදි බාලවයස්කාර දැරියකට රහස් ප්‍රදේශය පෙන්වූ බව කියන කැමරා අධ්‍යක්ෂකවරයකු අල්ලා පොලීසියට බාර දුන් බව හෝමාගම රෝහල් ආරංචි මාර්ග පවසයි. 30 January 2023
‘මක්කල්’ ප්‍රජාව ගැන ලංකා සභාවෙන් නිවේදනයක් ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට මූලික පදනම දැමූ තේ කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා කටයුතු කරන ‘මලයාග මක්කල්’ ප්‍රජාව හෙවත් ‘ඉන්දියානු දෙමළ’ එසේත් නැත්නම් ‘උඩරට දමිල’ ප්‍රජාව විවිධාකාරයෙන් වෙනස් කර සැළකීම තුරන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයට සහ ජනතාවට ආරාධනා කරන බවත් එමගින් ඔවුන්ට සත්‍ය වශයෙන්ම බහු ආගමික සහ බහු වාර්ගික ශ්‍රී ලංකාවක සමාන පුරවැසියන් බවට පත්විය හැකි බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 January 2023
විදුලි බල මණ්ඩලය ඔන්ලයින් ගෙවීම් යළි අරඹයි ලංකා විදුලිබල මණ්ඩලයේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිය (ඔන්ලයින් ගෙවීම්) නැවත ආරම්භ කළ බව එම මණ්ඩලය පවසයි. 30 January 2023
අදයි - හෙටයි ලයිට් කපන්නෑ විදුලි කප්පාදුව අද සහ හෙට (30 සහ 31) දෙදින අත්හිටුවීමට විදුලිබල මණ්ඩලය තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. 30 January 2023
පාකිස්තාන පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් පාකිස්තානයේ පෙෂාවොර් නුවර, පොලිස් මූලස්ථානය තුළ පිහිටි මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 January 2023
‘‘රටට අවශ්‍ය ටින්මාළු මෙරටදී නිෂ්පාදනය කරනවා‘‘ රටට අවශ්‍ය ටින්මාළු මෙරට නිෂ්පාදනය කරන බව ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ටෙස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු මහතා පවසයි. 30 January 2023
පාර්ලිමේන්තුව අවසන් කිරීම ජී.එල් හෙළා දකියි පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමේ යටි අරමුණ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු පත්කරගෙන විශාල දූෂණ වංචා ඔස්සේ සාක්කු පුරවා ගැනීම බවත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ තීරණය දැඩි ලෙස හෙළා දකින බවත් ‘නිදහස් ජනතා සන්ධානයේ’ ප්‍රධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (30) පැවසීය. 30 January 2023
දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමනත්වීම නිසා මගීහු පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි. 30 January 2023
මුදලිගේ වෙනුවෙන් අත්සන් ලේඛන 12,000ක් නීතිපතිට අරගලයේ සාමාජිකයකු වූ වසන්ත මුදලිගෙට නිදහස ඉල්ලා අත්සන් ලේඛන 12,000ක් නීතිපති දෙපාර්තමේන්තුවට බාරදීම අද පෙරවරුවේ සිදු විණි. 30 January 2023
ධනුෂ්කට ක්‍රිකට් පිටිය අහිමි වෙයි? ඕස්ටේ්රලියාවේදී පසුගිය වසර අග පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී කාන්තාවකට අතවර කළේ යැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල්වලට සම්බන්ධ වීම තහනම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබේ. 30 January 2023
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026