නුවරඑළියට මල්තුහින දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (1) දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 January 2023
අයහපත් කාලය ඉවරයි අයහපත් කාලය දැනටමත් පසු කර ඇති අතර 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 January 2023
අරගලය අස්සේ ජනපති මැදුරේ වටිනා චිත්‍ර 39 ක් උස්සලා ජනාධිපති මන්දිරයේ දැවමය සිතුවම් සහ කැන්වස් චිත්‍ර 39 ක් අරගලකරුවන්ගේ පැමිණීමත් සමග අතුරුදන්ව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම කරුණු සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇත. 01 January 2023
රජයේ ආයතනවල උත්සව ලබන වසරටත් බෑ රජයේ ආයතන විවිධ උත්සව සඳහා කරන වියදම් නතර කරන ලෙසටවූ නියෝගය ලබන වසර දක්වාම බලපැවැත්වෙන බව දන්වමින් මුදල් අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 01 January 2023
ජන. 01 දා ගමන් අරඹා දෙසැ.31දා ගොඩබාන ගුවන් යානය යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත් යූ.ඒ 858 ගුවන් යානය ලෝකයේ අද(01) මධ්‍යම රාත්‍රී 12.00 වනවිට, ලෝකවාසීන් වැඩියෙන්ම නිරීක්ෂණය කරමින් සිටින ගුවන් යානය බවට පත් විය. 01 January 2023
පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය. 31 December 2022
පැරදුණු අය වැය නගරාධිපති සම්මත කරයි කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්ද 07 න් පරාජයට පත් කළ 2023 අයවැය කෙටුම්පත 2022 වසරේ වැඩ අවසන් කිරීමේ විශේෂ මහා සභාව නමින් රැස්වීමක් පවත්වා නගරාධිපතිවරයා නගර සභිකයන්ගේ වරප්‍රසාද කඩවන පරිදි අනීතික ලෙස සම්මත කර ගත් බව නාගරික මන්ත්‍රී වරු 14 දෙනකු ගේ අත්සනින් යුත් ලිපියක් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙත පසුගිය දා (30) ඉදිරිපත් කර ඇත 31 December 2022
සියයට 60කට ගෙවල් හැදිල්ල එපා වේ නිවාස හා ව්‍යාපාර ස්ථාන ඇතුළු ඉදිකිරීම් කටයුතුවලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් සිමෙන්ති වැලි ගඩොල් ඇතුළු මූලික ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල මිල ඉහළ යෑම නිසා අතරමඟ නැවතී ඇතැයි එම අමුද්‍රව්‍ය අලෙවිකරුවෝ පවසති. 31 December 2022
ගෙදර ඉඳන් වැඩ කර නිවාඩු සල්ලිත් අරන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය 2020 වසරේදී නිවෙස්වල සිට වැඩ කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රුපියල් කෝටියකට වැඩි නිවාඩු මුදල් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 31 December 2022
අවමඟුල් පෙරහරට ත්‍රිරෝදයක් කඩා වදී මියගිය කාන්තාවකගේ දේහයක් පිටුපසින් සුසාන භූමියට යමින් සිටී කුඩා ළමුන් තිදෙනකු ඇතුළු හත් දෙනකු රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාද්දුව පොලිසිය පවසයි. 31 December 2022
පොලිසියෙන් බේරෙන්න ඉහළ මහලෙන් පැනලා ගම්පොල බෝතලාපිටිය නිවසක රැඳී සිටි- අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි විසි දෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු ඉහළ මහලින් බිමට ඇද වැටී මියගිය බව ගම්පොල මූලස්ථාන පොලීසිය පවසයි 31 December 2022
මේ ආණ්ඩුව ගැන අනුර කුමාර දුන් උපමාව මේ පාලනය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නැවක් අල්ලා ගැනීමෙන් පසු ඇතිවන තත්වයට සමාන යැයි සමාන යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 31 December 2022
විශ්‍රාම යන දුම්රිය සේවකයන් කොන්ත්‍රාත් පදනමින් සේවයට වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අද (31) දිනයේ සිට විශ්‍රාම ගැනීමට නියමිතව සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ සේවකයන් සේවා අවශ්‍යතාව මත කොන්ත්‍රාත් පදනම යටතේ තවදුරටත් සේවයේ යොදවා ගැනීමට ජනාධිපති ලේකම්වරයා අනුමැතිය දී තිබේ. 31 December 2022
විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව දෙවැනිදා කැබිනට්ටුවට විදුලිය ගාස්තුව වැඩි කිරීමේ යෝජනාව ලබන 2 වැනිදා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය. 31 December 2022
හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වෙයි හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වූ බව අද(31) වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.අද(31) වතිකානු වේලාවෙන් උදෑසන 9.34 ට වතිකානයේ මේටර් ඉක්ලීශියායි පල්ලියේදී 16 වෙනි බෙන්ඩික්ට් හිටපු පාප්තුමා ස්වර්ගස්ථ වී තිබේ. 31 December 2022
පොලිස් ලොක්කෝ 11ක් විශ්‍රාම යති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙකක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරු 9 ක් අද (31) දිනයේ පොලිස් සේවයෙන් විශ්‍රාම ගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 31 December 2022
ලෝක ඉතිහාසයේ ඩොලර් බිලියන 200ක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා ලෝක ඉතිහාසයේ තම ධනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක මුදලක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා වීමට ඉලෝන් මස්ක් සමත්ව ඇත. 31 December 2022
ඉන්දියාවෙන් - පාකිස්ථානයෙන් බිත්තර ගේන්න බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කළ යුතු බවත් එසේ නොවුනහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. 31 December 2022
ජනපති කොත්මලේ මහවැලි මහසෑය වැඳ පුදා ගනී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොත්මලේ මහවැලි මහසෑය පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. 31 December 2022
රත්රන් බඩු සින්නවීම සියයට 70 කින් ඉහළට බැංකු වලට සහ උකස් මධ්‍යස්ථානවලට පසුගිය කාලයේදී උකස් කෙරුණු ස්වර්ණාභරණවලින් සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් සින්නවී ඇතැයි උකස් ආයතන ආරංචි මාර්ග වලින් පැවසේ. 31 December 2022
පුංචි ඡන්දය ගැන කිරිඇල්ලගෙන් ලොකු චෝදනාවක් ඡන්ද අයිතිය ජනතාවගේ මූලික අයිතිවාසිකම් අයිතිවාසිකමක් හෙයින් මැතිවරණය කල් දැමීමට කිසිවෙකුටත් හැකියාවක් හෝ අයිතියක් නැතැයි විපක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 31 December 2022
නව වසරේ දුම්රිය අඩාල වන ලකුණු දුම්රිය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ සේවකයන් විශාල සංඛ්‍යාවක් අද (31) දිනයේ විශ්‍රාම යන බැවින් දුම්රියස්ථාන රැසක සේවා අඩාලවන බවත් එම සේවා අඩාල වීම මත මගී ජනතාව කිසියම් ආකාරයේ බලපෑමක් හෝ ගැටුම්කාරී තත්ත්වයකට යොමු වුවහොත් දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය සේවාවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. 31 December 2022
කම්හල්, ව්‍යාපාර ස්ථාන තවත් විසි දාහක් වැසී යෑමේ අනතුරක් විදුලිය බිල ලබන මාසයේදී සියයට 70 කින් වැඩිවීමත් සමග විවිධ කර්මාන්තශාලා, හෝටල් ආපන ශාලා ඇතුළු ව්‍යාපාර ස්ථාන තවත් විසි දහසක් පමණ වැසී යෑමේ බරපතළ අවදානමක් පවතින බව ඒ ස්ථාන හිමිකරුවෝ පැවසූහ. 31 December 2022
වාහන ආනයනය අත්හිවීමෙන් ආර්.එම්.වී.ට විශාල පාඩුවක් වාහන ආනයනය අත්හිටුවා තිබීම නිසා නව වාහන ලියාපදිංචියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු විශාල ආදායමක් අහිමිවී ඇති බවත් එය එම දෙපාර්තමේන්තුවේ ආදායමෙන් සියයට 50 ක් පමණ වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 31 December 2022
රාජ්‍ය ආයතනයකින් සිමෙන්තියට කෝටි 15ක පොල්ලක් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ තෙල් ටැංකි දෙක සහ නළ පද්ධතිය පරිහරණය කළ රාජ්‍ය ආයතනයක් ඒ වෙනුවෙන් එම සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 15 කට වැඩි ගාස්තුවක් ගෙවීම පැහැර හැර ඇතැයි විශේෂ විගණන වාර්තාවක සඳහන් වේ. 31 December 2022
හොර ජල මනු කියවන්නෙක් මාට්ටු ජලසම්පාදන මණ්ඩලයේ විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් ජල සැපයුම විසන්ධි කරන බව පවසා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 31 December 2022
පොලිස් ජිපි රියට අතින් පයින් පහරදීලා කොල්ලුපිටිය පොලිස් ස්ථානය තුළ නතර කර තිබූ පොලිස් ජීප් රථයකට අද 31 අලුයම් කාලයේ අතින් සහ පයින් පහරදී අනර්ථයක් සිදු කළේ යැයි කියන 36 හැවිරිදි ව්‍යාපාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි. 31 December 2022
වෙළෙදාමෙන් පාලම් බඳින්න ආණ්ඩුව තීන්දු කරයි රාජ්‍යයන් කිහිපයක් සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා නිදහස් වෙළෙද ගිවිසුම් අත්සන් කිරීමට රජය තීන්දු කර ඇත. 31 December 2022
භූමිදානය කළ මවකගේ හිස කපාගෙන යයි තලකිරියාගම තෙන්නකෝන්පුර පොදු සුසාන භූමියේ භූමිදානය කරතිබූ අසූ හැවිරිදි කාන්තාවගේ මෘත දේහය වළ දමා තිබූ ස්ථානය කිසියම් පිරිසක් හාරා එම සිරුරේ හිස කොටස කපා වෙන්කර ගෙන රැගෙන ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 31 December 2022
කොටි වළ දැමූ රන් ගොඩ ගන්න ගිහින් අමාරුවේ ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු වෙරළ තීරයේ එල්ටීටීඊ සංවිධානය වළ දමා ඇති බවට සැලකෙන රත්තරන් තොගයක් ගොඩ ගැනීමට පැමිණ සිටියේ යැයි කියමින් ගුවන් හමුදාවේ නිලධායෝ තිදෙනෙක් ගුරුවරයෙක් ඇතුළු පුද්ගලයෝ නව දෙනෙක් නිලාවේලි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 31 December 2022
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026