කතක් මරූ තරුණයාට දිවි ඇති තෙක් වාහන තහනම් බීමතින් වෑන් රථයක් පදවා 36 හැවිරිදි කතක අනතුරට ලක් කර මරණය සිදු කිරීමේ චෝදානාවට වරදකරුවූ 19 හැවිරිදි තරුණයකුගේ රියැදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා තහනම් කරන්නැයි මීගමුව මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා 19 නියෝග කළේය. 19 October 2022
සතොස ආහාර වර්ග 6 ක මිල අඩු කරයි ලංකා සතොස ආහාර වර්ග 6 ක මිල තව දුරටත් අඩු කළ බවත් එම මිල පහළ දැමීම අද (19) සිට ක්‍රියාත්මක බවත් එහි ප්‍රධාන නිලධාරියෙක් පැවසීය. 19 October 2022
මුදල් රාජ්‍ය ඇමැති හොර රාවලට වැටබඳී නීති විරෝධී සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආකාරයෙන් රා නිෂ්පාදනය කරන ජාවාරම්කරුවනට එරෙහිව නීතියෙන් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 19 October 2022
ඖෂධ ගැන සොයන්න තවත් ඇප් එකක් රෝගීන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගත හැකි ළඟම පිහිටි ඔසුසල් හා ඒවායේ මිල ගණන් පිළිබඳ තොරතුරු නිවසේ සිටම දැනගත හැකි නව ජංගම දුරකතන යෙදවුමක් (ඇප් එකක්) හඳුන්වා දී තිබේ. 19 October 2022
කතක සිරකර අතවර කළ රාලහාමිලා දෙකක් වසර 10 හිරේ කාන්තාවක අයුතු ලෙස සිරකර තබා ගෙන ලිංගික අතවර කිරීමේ චෝදනාන්ට වරදකරුවන් වු පිටකොටුව පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත වසර 10 බැගින් වූ සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය. 19 October 2022
ප්‍රියමාලිගෙ ගනුදෙනුවලට අපේ සම්බන්ධයක් නෑ තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරියගේ මුදල් ගනුදෙනු වලට තමා හෝ තම පවුලේ කිසිවකුත් සම්බන්ධයක් නැති බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 October 2022
ගෝඨාභයට යළි නොතීසි දෙන්නැයි නියෝග සමාජ ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් සහ කූගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් උසාවියේ විභාග වන නඩුවට සාක්ෂි දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවීමට බලයක් නොමැති බවට ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනුකර ඇති විශේෂ අභියාචනා පෙත්සමේ වග උත්තරකාර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි බාරදෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට නියෝග කළේය. 19 October 2022
දුෂ්කර පාසල්වලට දිවා ආහාරය රටපුරා දුෂ්කර පාසල්වල දරුවන්ට නොමිලයේ දිවා ආහාරය ලබාදීමට ‘‘රටේ දරුවෝ මගෙත් දරුවෝ‘‘ නමින් වැඩසටහනක් සිංගියුලරිටි ශ්‍රී ලංකා ආයතනය සහ සර්වෝදය ව්‍යාපාරය ඒකාබද්ධ ආරම්ඛ කර තිබේ. 19 October 2022
අතුරුදන් වූ නාවික පිරිස රැගෙන එයි අතුරුදන්වූ නාවිික හමුදා සාමාජිකයන් 6 දෙනකු පානම ගිනිකොණ නාවික විධානය වෙත අද රැගෙන ආ බව නාවික හමුදාව පවසයි. 19 October 2022
දේශපාලඥයන් ඇතුළු ලොක්කන් 83කට අල්ලස් නඩු අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන්, රජයේ උසස් නිලධාරීන් ඇතුළු අසූ තුන් දෙනකුට පසුගිය වසරේදී මහාධිකරණයේ නඩු පවරා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 19 October 2022
‘‘ප්‍රතිරූපය ගොඩනඟන්න එක් වෙමු‘‘ මෙරට ප්‍රතිරූපය ජාත්‍යන්තර වශයෙන් ගොඩනංවා ගැනීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු කිරීමට සියලු දේශපාලන පක්ෂ ඇතුලු කණ්ඩායම් සඳහා ආරාධනා කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 October 2022
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. 19 October 2022
රුසියා තෙල් ණයට ගන්න සාකච්ඡා සාර්ථකයි ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීමට රුසියානු මුදල් අමාත්‍යංශය සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 19 October 2022
කාන්තාවන්ට වෙනම සිර මැදිරි ඕනෑ කාන්තාවන් සඳහා වෙනම සිරමැදිරි පිහිටවිය යුතු බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවාය. 19 October 2022
පාසල්වලට අවසන් නිවේදන ජාතික ජල සම්පාදන මණ්ඩලය පාසල්වලට ජල බිල්පත් නිකුත් කිරීම හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර ඇතැම් පාසල්වල ජල සබඳතා අත්හිටුවන බවට අවසන් නිවේදන නිකුත් කර ඇතැයි ලංකා ගුරු සංගමයට චෝදනා කරයි. 19 October 2022
ප්‍රියමාලි සහ ව්‍යාපාර සහකරු යළි රිමාන්ඩ් කෝටිපති ව්‍යාපාරිකයින්ගෙ මූල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළ තිළිණි ප්‍රියමාලි සහ ඇගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර යන අයවලුන් ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (19) නියෝග කළාය. 19 October 2022
යක්කලමුල්ලේ වෙඩි තැබීමක් අයෙක් මරුට යක්කලමුල්ල මා ගෙදර කරුවලගල ප්‍රදේශයේ කුරුදු වාඩියක සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් සිව් හැවිරිදි දරුවකු හා තවත් අයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත. 19 October 2022
ශ්‍රී ලන්කන් ජාත්‍යන්තර සම්මාන දෙකක් දිනාගනියි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විශිෂ්ට සේවය අගයමින් ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමිව තිබේ. 19 October 2022
ෆිච් රේටින්ග්ස් අනතුරු අඟවයි ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය උග්‍ර වුවහොත් හෝ කල් පැවතුනහොත් පාරිභෝගික භාණ්ඩ, විදුලි උත්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ ශ්‍රේණිගත සමාගම් වලට ඉන් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ෆිච් රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීමේ සමාගම පවසයි. 19 October 2022
සංවර්ධන ලොතරැයි දුම්රියෙන් ප්‍රවාහනය කරයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට එම මණ්ඩලය තීරණය කර තිබේ. 19 October 2022
පාර්ලිමේන්තුවෙන් පිට මහජන සභා පිහිටවන්න නීතියෙන් බැහැ මේ රටේ කිසිම පුද්ගලයකුට පාර්ලිමේන්තුව හා සමාන මහජන සභාවක් හෝ වෙනයම් ආයතනයක් පිහිටුවීමට නීතියෙන් ඉඩක් නැතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය. 19 October 2022
මානව හිමිකම් ප්රශ්නය බෙල්ල වටේ එතුණු හේතුව කියයි ජිනීවා මානව හිමිකම් ප්රශ්නය බෙල්ල වටේ හිර වී ඇත්තේ යුද්ධය අවසන් වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ දුන් පොරොන්දුවක් නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 19 October 2022
සිසුන් බිය කළ ලොක්කන්ගේ තීරණය අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් විශාල පිරිසක් විභාග දෙපාර්තමේන්තුවේ නිවේදනයක් හේතුවෙන් දැඩි කලබලයට සහ භීතියට පත්ව සිටින හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. 19 October 2022
මහපොළ ඉහළ දාන්න යෝජනා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය පවත්වාගනෙ යෑම සඳහා හිමිවන මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා ලබන ජනවාරි මස සිට ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බව උස්ස අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය. 19 October 2022
අත්තනගල්ලේ ගමකට කොටි පැනලා අත්තනගල්ල අලවල ඇතාවුඩකන්දේ සුසාන භූමියකයට කඩාවැඳුණු දිවියකු එහි සිටි ගවයන් දෙදෙනකු මරා කා දමා ඇතැයි අත්තනගල්ල පොලිසිය පවසයි. 19 October 2022
සොරාගත් වාහන ගැන තොරතුරුවලට මුදල් ත්‍යාග බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ හා යතුරුපැදි සොරකම් පාලනය කිරීමේ පියවරක් ලෙස සොරකම් කර ගරාජ්වලට ගෙන එන වාහන පිළිබඳ තොරතුරු දෙන ගරාජ්හිමියන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිසිය තීරණය කර තිබේ. 19 October 2022
සිරිනිවාස නා හිමි ආදාහනය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක අපවත්වී වදාළ ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. 19 October 2022
පළමු මුරයේ යූරියා තොග මධ්‍යස්ථානවලට බෙදා අවසන් මහ කන්නයේ වී වගාව සඳහා පළමු මුරයට අවශ්‍ය යුරියා පොහොර සියලු ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි. 19 October 2022
තිළිණ ප්‍රිියමාලි ‘ස්කයිප්’ හරහා අධිකරණයට මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණ ප්‍රිියමාලි නැමැතිය ‘ස්කයිප්’ තාක්ෂණය ඔස්සේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය. 19 October 2022
බස් ගාස්තු අඩු කිරීමට ‘කොවිඩ්’ නීති හරහට හිටිියි ‘කොවිඩ්’ සමයේ ඉහළ දැමූ බස් ගාස්තු පහත දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ‘කොවිඩ්’ නිර්දේශ හරහට හිට ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 19 October 2022
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026